කොරෝනා වෙනුවෙන් විහාරමහාදේවිය වගේ වෙන්න ඇමති පවිත්‍රාෙද්වි සූදානම්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්ධනය වනවා නම් තමන් මුහුදට වුවද බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පසුගියදා තමන් සහභාගි වූ ආගමික කටයුත්තක් උපහාසයට ලක් කරමින් විපක්ෂය සහ ඇතැම් සමාජ මාධ්‍ය කටයුතු කර තිබූ ආකාරය තමා දැඩිව හෙලා දකින බව ද ඇය පැවසුවාය.

කොරෝනා වසංගත තත්ත්වය හා රටේ වත්මන් තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ පාර්ලිමේන්තු රැස්වීම පැය තුනකට පමණ සීමා විය.


අද පැවති පාර්ලිමේන්තු සිතිය මාධ්‍යවේදීන්ට තහනම් කර තිබීම විශේෂත්වයක් විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය.

“මුහුණ පොතේ දාලා තියෙනවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාවේ කොවිඩ් මර්දනය වෙන්න ඔයා මුහුදට බිලි වෙන්න කියලා. ඇත්තටම එහෙම වෙනවා නම් මුහුදට බිලි වෙන්න වුවත් මම ලෑස්තියි. කොරෝනා මර්දනය කිරීම සඳහා තමන් කැප වී ක්‍රියා කළ බවත් දිනපතා උදේ සිට රාත්‍රියේ අමාත්‍යාංශයේ රැඳී සිටිමින් ක්‍රියා කළ” බවත් ඇය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා මර්දනයේදී කිසිම අවස්ථාවක දේශපාලනය ලවා නොගත් බව පැවසූ ඇය මින් ඉදිරියට ද තව සේවාව ඒ අයුරින්ම ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version