පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ කොන්දේසි සහ මාර්ගෝපදේශවලට අනුකූලව ඉදිරි පැය 24 තුළ ගෘහස්ථ ගෑස් සැපයීම නැවත ආරම්භ කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් තීරණය කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග එම සභා ගම් ප්‍රධානීන් අද සාකච්ඡාවක් පවත්වා තිබුණි.
එම සාකච්ඡාවේදී අදාළ සමාගම් දෙක එම එකඟතාවයන්ට පැමිණ තිබේ.







