බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොතලාවල පනත කරන්න යන  ව්‍යසනය ගැන  විශේෂඥ වෛද්‍යවරු  රටට කියති…

by editor
අගෝස්තු 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ඉතාමත් දැඩි ලෙස  සමාජ කතිකාවකට ලක්ව ඇති , යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත පිළිබඳව, ලංකාවේ උසස් අධ්‍යාපනය සහ විශේෂයෙන් ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීම පිළිබඳව ඉතා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  වශයෙන් අපි අපගේ අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යනු ආධුනික හමුදා නිලධාරීන් වෙනුවෙන්, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ම පමණක් විශේෂයෙන් වෙන් කළ විශ්ව විද්‍යාලයක් ලෙස දැනට හැඳින්විය නොහැකිය. මුදල් ගෙවා විවිධ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ආධුනික හමුදා නිලධාරීන් නොවන අයට එයට ඇතුළත් වීමට ඇති හැකියාව මෙම යෝජිත පනත මගින් සනාථ කරන අතර මෙම “අන්‍ය උපාධි අපේක්ෂකයන්” බඳවා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය යෝජිත නව පනත මගින් වූවද පැහැදිලි ලෙස විස්තර කර නැත.

තවද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පීඨය සඳහා මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් දරනු ලබන අතර (උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොවන නමුත්) එය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් රජයට ලැබෙන බදු මුදල් මගින් බැවින්, එම විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට තිබිය යුතු සුදුසුකම් මෙන්ම එහි ඇති පාඨමාලා ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් හා එම පාඨමාලා වල ගුණාත්මක බව නිර්ණය සදහා ඇති එයට අනුබද්ධ අනිකුත් ආයතන වලින් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි) පවත්වාගෙන යන ගුණාත්මක බව පාලනය කිරීමේ ක්‍රියාදාමයට සම විය යුතු බව අපි දැඩි සේ විශ්වාස කරමු.

මෙම ‍යෝජිත නව පනත යටතේ කොතලාවල ආරක්ෂක පීඨය ට ලැබෙන නීතිමය බලය මත එහි පාලන අධිකාරියට අවශ්‍ය ආකාරයෙන් විශ්වවිද්‍යාල මට්ටමේ නොමැති ආයතන වුවද විශ්වවිද්‍යාල මට්ටමට පිළිගැනීමට හැකියාවක් ලැබීම රජයේ විශ්ව විද්‍යාලවලට සමාන්තර පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ඇති කිරීම වැනි දෙයකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තවද, මෙම යෝජිත පනත යටතේ “වෙනත් ආකාරයේ විශේෂ සිසුන්” එම විශ්වවිද්‍යාල පද්ධතියට බඳවා ගැනීමට හැකි අතර ඔවුන්ට හමුදා සේවයට නොබැඳී නැවත සිවිල් සමාජයට යාමට හැකියාව ඇත.

මේ තත්ත්වය මත අපගේ මතය වන්නේ මෙහි පාලන බලය සහ එහි ආචාර්යවරුන් වැඩි වශයෙන් සිවිල් සමාජයේ අය විය යුතු අතර එය යෝජිත පරිදි වැඩි වශයෙන් හමුදා නිලධාරීන්ගේ පාලනයට නතුවුවහොත් ආයතනයේ සියලුම කටයුතු හමුදාමය හා දේශපාලන බලපෑම් මත සිදුවීමේ හැකියාව ඉතා වැඩි බවයි.

පෞද්ගලික ආයතන මගින් පවත්වාගෙන යන නොයෙකුත් අධ්‍යාපන පාඨමාලා උපාධි පාඨමාලා වශයෙන් පිලිගැනීමේ බලය කොතලාවල විද්‍යා පීඨයට ලබා දුනහොත් හා එම උපාධි කොතලාවල පීඨයේ උපාධි වශයෙන් පිළිගැනීමට ලක් වුවහොත්, එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පරිබාහිරව උපාධි ප්‍රදානය කිරීමට හැකියාවක් ඇති ආයතනයක් බිහිවෙනු ඇත.

මෙමගින් විශ්ව විද්‍යාල පනත හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ප්‍රතිපාදන කොමිසමේ අවශ්‍යතාව හා එහි බලතල සම්පූර්ණයෙන්ම බිඳවැටී යනු ඇත.

එමෙන්ම හමුදාවේ ක්‍රියාකාරකම් සඳහා ඇති උපාධි පාඨමාලා ඇගයීම හා එහි පාලනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදුනහොත් එයින් හමුදා පාඨමාලාවල ඇති රහස්‍යභාවය මෙන්ම ඒවායේ ඇති ගුණාත්මක බවට හානියක් විය හැකි බව අපගේ හැඟීමයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා එවැනි වෘත්තිමය පාලක සභාවන් විසින් දැනට පවත්වාගෙන යනු ලබන වෘත්තීමය තත්වයේ උසස් බව රැක ගැනීම මෙවැනි ක්‍රියාවන් නිසා විශාල වශයෙන් බලපෑම් වලට යටත් වීමේ හැකියාව නිසා ගුණාත්මකභාවයෙන් අඩු වෘත්තිකයන් බිහිවීම තවදුරටත් වැඩි විය හැකි බව අපගේ හැඟීමයි.

මෙහිදී අප සඳහන් කළ යුත්තේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම් නීතිගත කිරීම බොහෝ කාලයක් තිස්සේ සිදු කළ අරගලයකින් පසු මේ රජය යටතේ ඉතා අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණයකි. එමගින් වෛද්‍ය වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය පාලනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලැබුණු අතර යම් හෙයකින් මෙම හැකියාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ගිලිහී ගියහොත් එය ඉදිරියේදී ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කිරීමට අභියෝගයක් වනු ඇත.

ප්‍රතිපත්තියක් වශයෙන් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය,  වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට මූලික සුදුසුකම් ඇති අය සඳහා මුදල් ගෙවා ගුණාත්මක වෛද්‍යවරුන් වීමේ ඇති අයිතියට කිසිසේත් විරුද්ධ නොවන අතර අපගේ අවධානය යොමු වී ඇත්තේ අවශ්‍ය මූලික සුදුසුකම් නොමැතිව මුදලට පමණක් මෙම අධ්‍යාපනය ලබාගත හැකි ආයතන බිහිවීමේ අවදානම පිලිබඳවයි.

ඉහත සඳහන් සියලුම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු අප විසින් රජයට යෝජනා කරන්නේ, මෙයට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් හා සාකච්ඡා කර තීරණයකට එළඹෙන තුරු මෙම පනත සම්මත කිරීම තාවකාලිකව කල් දමන ලෙසයි.

තවද මේ අවස්ථාවේදී අප ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සයිටම් වෛද්‍ය විද්‍යාලය නිසා, පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයද  විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයද පසුගිය සමයේ දී පත් වූ ව්‍යාකූල තත්වයට නැවතත් පත් නොවන ලෙසට කටයුතු කරන ලෙසයි.

මෙහිදී අප සියල්ලන්ගේම වගකීම වන්නේ ඉතා ගුණාත්මක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය අඩිතාලම දැමිම හා එය දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම බව අපි යලිත් අවධාරණය කරනු කැමැත්තෙමු.

ස්තුතියි.

විශේෂඥ වෛද්‍ය    ලක්කුමාර් ප්‍රනාන්දු

විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිත්තර රෝල් එකෙන් මතුවුණු රුපියල් 20

Next Post

ලංකාවේ මිනිස්සුන්ගෙන් කෝටියක් දෙනා එක් එන්නත් මාත්‍රාවක්වත් අරගෙන…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.