කොඩි ලකුණේ මන්ත්‍රී හුටපට අස්සේ හිමිනමක් ස්විස් රැකවරණ පතලා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ කල්ලියේ ප්‍රහාරයට ලක් වූ බව කියන අපේ ජනබල පක්ෂයේ ක්‍රියාකාරී හිමිනමක් වූ අරඹේපොල රතනසාර හිමියන් ඊයේ (17) කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට වැඩම කර එරට දේශපාලන රැකවරණය ඉල්ලා ඇතැයි වාර්තා වේ.

තානාපති කාර්යාලය වෙත ලිපියක් බාර දෙන්නට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ උන්වහන්සේ කීවේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි හා අපේ ජනබල පක්ෂයේ සභාපති වන වැලිසරගේ සමන් පෙරේරා හෙවත් බීච් සමන් යන අය තමන් බලහත්කාරයෙන් පැහැරගත් බවය.

හාමුදුරවන් මාධ්‍යවලට කීවේ කොළඹ පන්සල් කීපයක රඳවා ගනිමින් පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සිටින තැන ගැන අසමින් අමානුෂික ලෙස පහර දුන් බවය.


අරඹෙපොල හිමියන් මේ සම්බන්ධව මාධ්‍යට ප්‍රකාශයක් කළේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුවය.

වර්ෂ 2017 සැප්තැම්බර් 26 වැනිදා ගල්කිස්ස ප්රෙදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසකට ප්රෙහාරයක් එල්ල කිරීම, ගිහි පැවිදි හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබා ගෙන හිඳීම, සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

පැවිදි ජීවිතයට නොගැලපෙන සේ හැසිරෙන්නට ගිහි හැඳුනුම්පත භාවිත කළ බවට සාක්ෂි සහිතව මේ හාමුදුරුවෝ චෝදනා ලැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරඹේපොල හිමියන් මින් පෙර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අසලට පැමිණ ලංකාවේ ප්‍රශ්නවලට බලහත්කාරයෙන් මැදිහත්වීම සම්බන්ධව උද්ඝෝෂණය කළ බව ද හඳුනාගෙන ඇත.

Exit mobile version