කොඩිකාමම් පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යයි!

දියසේන රතුගමගේ –

යාපනය  කොඩිකාමම් පොලිස් ස්ථානයේ    රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රී 10ට පමණ තල්අඩි ප්‍රදේශයේ දී   රිය අනතුරකට ලක්ව  එම ස්ථානයේම  මියගොස් ඇත.

අනතුරින් මිය ගොස්  ඇත්තේ ආර්.එම්. ගුණවර්ධන නැමති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිසිය පවසන්නේ  මෙම නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණි ලංගම බස් රථයක් යතුරු පැදියේ ගැටී   යතුරු පැදියත් සමග මහ පාරට වැටුණු විට ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් ඔහුව යට කරගෙන ගොස් මෙම මාරක අනතුර සිදුකර ඇති බවය.

මුලින්ම අනතුර සිදු කොට ඇත්තේ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ චාවාකච්චේරී පොලීසිය ලංගම බස් රථයේ රියදුරු හා ලොරියේ රියදුරු අත් අඩංගුවට ගෙන  වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version