දිනසේන රතුගමගේ –
මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුලතිව් කැළයේ වළලා තිබූ යුද උපකරණ තොගයක් 18 දා ගොඩ ගෙන තිබේ.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් වළදමන ලද බවට සැක කෙරෙන මෙම ස්ථානයෙන් මිලිමීටර 60 මෝටාර් බෝම්බ, 08ක්, 80 මි.මී. මෝටාර් බෝම්බ 3ක්, අත් බෝම්බ 1ක්, එල්ටීටීඊ නිෂ්පාදන බෝම්බ 4 ක් සහ ආර්පීජී බෝම්බ 5ක් සොයා ගත් බව මුලතිව් පොලිසිය පවසයි.
දැනට එම යුද උපකරණ තොගය මුලතිව් පොලීසිය බාරයේ ඇති අතර අධිකරණ නියෝගයක් මත ඒවා නිශ්ක්‍රීය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







