කොටදෙනියාවේ අබලි යකඩ කම්හලක බොයිලේරුවක් පිපිරී ඉන්දියානුවෙක් මරුට…

තවත් ඉන්දියානුවන් 03ක් බරපතල තුවාල සහිතව රෝහලේ...

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

මීරිගම කොටදෙනියාව කරබොටුවාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අබලි යකඩ උණු කිරීමේ කම්හලක බොයිලේරුවක් අද (03) උදෑසන පිපිරී යෑමෙන් ඉන්දීය ජාතිකයෙක් මිය ගොස් තවත් ඉන්දීය ජාතිකයන් තිදෙනෙක් බරපතල තුවාල ලැබීය.

ඉන්දීය සමාගමක් විසින් පවත්වාගෙන යන මෙම කම්හලේ ඉන්දියානුවන් විශාල ප්‍රමාණයක් සේවය කරමින් සිටින බවත් මෙවැනි බරපතල තත්වයේ  සිදුවීම් නොවුනත් මේ ආයතනය තුළ සුළු පිපිරීම් නිතරම වාර්තාවෙන බවත් පොලිසිය පැවසීය.

බොයිලේරුව පුපුරා යෑමෙන් පසු බරපතල තුවාල ලැබූ  ඉන්දීය ජාතිකයන් සිවු දෙනාම   මීරිගම මූලික රෝහලට ඇතුළත් කර අනතුරුව වතුපිටිවල රෝහලට මාරු කර යවා ඇත.


එහිදී එක් පුද්ගලයෙක් බරපතල පිළිස්සුම් තුවාල නිසා මිය ගොස් තිබුණු අතර ඉතිරි තුවාලකරුවන් ද බරපතල තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය තැනැත්තා ඉන්දීය ජාතිකය ජාවෙඩ් නැමැත්තෙක් බවත් අද තව ස්වල්ප වෙලාවකින් මහේස්ත්‍රාත්වරිය සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවකට යන බවත්, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග පැවසුවේය.

 

 

Exit mobile version