කොකේන් කරල් 100ක් ගිල පැමිණි උගන්ඩා කාන්තාවක් ගුවන්තොටුපලේ දී කොටු!

කීර්ති ප්‍රනාන්දු –

උගන්ඩාවේ සිට මෙරටට පැමිණි 45 හැවිරිදි උගන්ඩා කාන්තාවකගේ කුස තුළ සඟවාගෙන පැමිණි කොකේන් මත් පෙති 100 ක් සොයා ගැනීමට කටුනායක ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා  පැවසුවේ කටාර් ගුවන් යානයකින් උගන්ඩාවේ සිට පැමිණි ඇති මෙම කාන්තාව පිළිබඳව කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ දොරටුවේ දී සිදුකළ පරික්ෂා කිරීමේදී ඇයගේ හැසිරීම පිළිබඳව සැකයක් ඇති වූ බවය.

ඒ තත්ත්වය මත ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පරිලෝකන යන්ත්‍ර මඟින් සිදුකළ පරීක්ෂාවේ දී මෙම කාන්තාව විසින් ගිල දමා ගෙන පැමිණි කොකේන් පෙති තොගය හමු වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට සැකකාර කාන්තාවගේ උදරයේ තිබූ කොකේන් මත් පෙති අතරින් පෙති 51ක් උදරයෙන් ඉවතට ගෙන ඇති බවත් ඇයව වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරයට පත් කළ බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

Exit mobile version