බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොකුතුඩුවායී සමූහ මිනීවළට එල්.ටී.ටී.ඊ සම්බන්ධය ගැන හෙළිවෙත්ම කැණීම වාර්තා කිරීමටත් සීමා…

උතුරේ දේශපාලකයොත් ප්‍රකාශ නිකුත් නොකර නිහඬවෙති...

by editor
සැප්තැම්බර් 12, 2023
in පුවත්
KOKUTHUDUWAYI
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කොකුතුඩුවායී සමූහ මිනී වළෙන් සම්පූර්ණ මිනිස් ඇට සැකිළි හතරක් සහ ඇට සැකිලි කොටස් රාශියක් මෙන්ම අවි ආයුධ ඇතුලු බොහෝ දේ හමු වීමත් සමගම මාධ්‍යවේදීන්ට එම ස්ථානයේ පුවත් ලබා ගැනීම ඊයේ  (11)  සිට සීමා කොට තිබේ.

එම මිනිස් ඇට සැකිලිවළ හිස් කබල්   අනුව ඒවා අයත් වන්නේ කාන්තාවන්ට බව මතුපිට නිරීක්ෂණ මගින් අනුමාන කොට තිබේ.

එමෙන්ම කැණීම් කටයුතූ බාරව සිටින නිලධාරීන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කරන්නට පටන් ගෙන තිබේ.

KOKUTHUDUWAYI
පූර්ණ හිස්කබලක්…

මෙම සමූහ මිනී වලේ ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනය කරණ ලද කොටි සාමාජිකාවන්ගේ මළ සිරුරු බවට තොරතුරක් හිටපු කොටි සාමාජිකයෙකු විසින් ආරක්ෂක අංශවළට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමගම මෙම සියළුම තහනම් නියෝග මාධ්‍ය වෙත පැන වී තිබේ.

මාධ්‍යවේදීන්ට  මෙම සමූහ මිනීවලේ උදෑසන සිදු වූ දේ දැකබලා ගැනීමට හා ඡායාරූප ගැනීමට දිවා ආහාරය සදහා නතර කළ පසු පැය බාගයක කාලයක්ද සවස  කැණීම්  කටයුතු නිමා වීමෙන් පසුව පැය බාගයක්ද වන පරිදි අවසර ලබා දී අති අතර එම කාලවළදී නිලධාරීන් එම ස්ථානයෙන් බැහැරව යන අතර ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් පමණක් ඉතිරි වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තත්ත්වය නිසා කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ අළුත්ම තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට නොහැකි වී තිබේ.

KOKUTHUDUWAYI
සම්පූර්ණ මිනිස් ඇටසැකිල්ලක්…

56 වෙනි ජිනීවා සමළුව පැවැත්වෙන අවස්ථාවේදී උතුරේ දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනීවළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඇටසැකිලි බවට හුවා දැක්වීමට විශාල උත්සාහයක් ගත් නමුත් මේ වන විට එම උත්සාහය අසාර්ථක වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ  දෙමළ ජනතා සන්ධානය යන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තුනකට  අයත් මන්ත්‍රීවරු හා දේශපාලනික ක්‍රියාධරයන් මෙම සමූහ මිනී වලේ කැණීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයට ගොස් ඇති අතර ඔවුන්ද  උතුරේ මාධ්‍යවේදීන්ට සමූහ මිනී වළ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම  ප්‍රතික්ෂේප කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්වී යළි දේශපාලනයට එන්න ගෝඨා සූදානමින්!

Next Post

පාසල තුළදීම දැරියක් දූෂණය කළ විදුහල්පතිට වසර 07ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්….   

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.