සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කේස් එක රී ඕපන් කළේ අතරමග නවත්වන්න නෙමෙයි”… ලසන්ත ඝාතකයින්ට දඬුවම් දෙන බව අගමැතිනිය අවධාරණය කරයි

by editor
පෙබරවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අඬ අඬා මිනිය කර ගහන් යන්න ඇති… ඒත් ඔබත් තනනතුරු දැරූ ආණ්ඩුවලින් ලසන්තට කළ සාධාරණය කුමක් ද?. අගමැතිනිය දයාසිරිගෙන් විමසයි…

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට අදාල විමර්ශන වසර 16කට පසු යළි අරාම්භ කළේ අතරමග නවත්වන්නට නොව,  නිසැක වශයෙන්ම ඝාතක අපරාධකරුවන්ට දඬුවම් දීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැතිනිය අද පැවසුවේ ලසන්තගේ බලන්නට කලුබෝවිල රෝහලට ගොස් හඬා වැටී, හඬමින් මිනිය කරතියාගෙන ගිය බව කියන පුද්ගලයින් ඔවුන් ආන්ඩුවල සිටි කාලයේ ලසන්ත වෙනුවෙන් කළේ කුමක්දැයි හෘද සාක්ෂියෙන් විමසිය යුතු බවය.

“මේ කේස් එක රී ඕපන් කළේ අපි… අපි එහෙම කළේ මේ වැඩේ අතරමග නවත්වන්න නෙමෙයි… ” අගමැතිනිය අවධාරණය කළාය.

රවී සෙනවිරත්න මැතිතුමා ශානි අබේසේකර තමුන්නාසෙලගේ වේදිකාවෙ නැගලා කතා කරපු අය. අද එක්කෙනෙක් ලේකම්. අනෙක් එක්කෙනා සීඅයිඩී එකේ අධ්‍යක්ෂ. අද මේ දෙන්නට පුලුවන් නීතපතිගේ යෝජනවා අල්ලා විසි කරලා ඉන්වෙස්ටිගේෂන් කරන්න. ලසන්ත වික්‍රමතුංග කියන්නේ මැරෙනකොට අපි ලඟ හිටපු මිනිස්සු. කළුබෝවිල හොස්පිටල් එකේ අපි ගියා එතුමා ගාවට. අපි තමයි එතුමගෙ මරණයත් අරන් පෙළපාළි ගියේ. ඒ නිසා අපිට අයිතිවාසිකමක් තියනවා හැකියාවක් තියනවා උවමනාවක් තියනවා.

ලසන්තගේ ඝාතනය ගැන අපි දිගින් දිගටම ආණ්ඩු ගණනාවක අපි කතා කරලා තියනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. නීතිපතිව ගෙන්නලා ඔහුට තර්ජනය කරලා මෙන්න මේවට නඩු දාන්න කිව්වම කියන්නේ විමර්ශන අවසන් කරලා බඩු ටික එවන්න මම නඩු දාන්නම් කියලා. එහෙම නැතිව නීතිපතිව ගෙන්නලා නිතිපතිව දඬුකඳේ ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. නීතිය දන්නේ නැතිව තමන්ට තියන තියන දේවල්වලට වැඩ කරන්න ගියාමයි මෙහෙම වෙන්නේ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම ප්‍රකාශයට පිළිතුර දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබා දුන් පිළිතුර මෙසේය.

මිනිය කරේ උස්සන් ගිය අය මෙතන ඉන්නවා ඇති. නමුත් ඒ මිනිය කරේ උස්සගෙන ගිය මිනිස්සු ආණ්ඩු කරනකොට ඒ මරණය වෙනුවෙන් සාධාරණයක් කරන්න මොනවද කළේ. 2009 මේක සිද්ධ වුනේ. මේ 2025. අද කතා කරපු අය මෙච්චර කාලයක් මේ වෙනුවෙන් මොනවද කළේ. අඩුම තරමින් අපේ ආණ්ඩුව තමයි මේ කේස් එක රී ඕපන් කළේ. මෙච්චර අවුරුදු ගණනාවක් ගිහින් කේස් ඒක රී ඕපන් කළේ මේ ආණ්ඩුව.

ඒ නිසා මිනිය කරේ උස්සන් යන්න ඇති. කළුබෝවිල ඉස්පිරිතාලෙට ගිහිල්ලා අඬා වැලපෙන්න ඇති. ඔහුගේ මළ ගෙදරට ගිහින් හඬා වැලපෙන්න ඇති. නමුත් ඔහුට යුක්තියක් ඉෂ්ඨ කරන්න, අහිම්සා වික්‍රමතුංගට යුක්තිය ඉෂ්ඨ කරන්න ඇඟිල්ලක් උස්සලා මුකුත් කළේ නෑ. ඔවුන් බලයේ හිටියේ මෙච්චර කාලයක්. ඒ බලයෙ හිටිය කාලය තුළ මොනවද කළේ. මේ කේස් එක යටපත් කරපු එක. අපේ ආණ්ඩුව තමයි මේ කේස් එක නැවත මතු කළේ.

ඉතින් ඒ නිසා තමයි අපට මේ තත්ත්වය සංවේදී වෙන්නේ. අපි දන්නවා ඇටෝනි ජෙනරල්ට එවිඩන්ස් නැති හින්දා කේස් දාන්න බෑ කියන එක අපි දන්නවා. කේස් දාන එක හෝ නොදාන එක හෝ කේස් දන්නේ කොහොමද කියලා කියන එක ව්‍යවස්ථාදායකයේ හෝ අපේ වගකීම නොවෙයි. එය ඇටෝන් ජෙනරල්ගේ වගකීම.

නමුත් අපි ආණ්ඩුවක් හැටියට පෙනී ඉන්නේ අපි මේ කේස් එක රී ඕපන් කරලා තියෙන්නේ අලුත් සාක්ෂි අවශ්‍ය නම් අලුත් සාක්ෂි හොයන්න අපි මැදිහත් වෙනවා. ඉන්වෙස්ටිගේෂන් එක ආයෙත් කරන්න ඕ්න නම් අපි ඉන්වෙස්ටිගේෂන් එක කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුක්තිය ඉෂ්ඨ කරන්න මේ ආණ්ඩුව මැදිහත් වෙනවා කියන තැන ඉඳගෙන තමයි අපි මේකත් එක්ක සම්බන්ධ වෙන්නෙ.

එතකොට අපි මේ නඩු දාන්න ඕන කොහොමද කියන එක නෙමෙයි අපි මෙතන කියන්නේ. අවුරුදු ගණනාවක් යටපත් කරපු කේස් එකක්… ඒ කාලය තුළ සිද්ධ වෙච්චි දේවල් දිහා බැලුවොත් ඒකේ සැකකරුවන්ට බලපෑම් කරපු හැටි… සාක්ෂි විනාශ කරපු හැටි… ඒකට සම්බන්ධ නිලධාරින්ගෙන් පළි ගත්තු හැටි….

මේ සියල්ලම සිද්ධ වෙලා අවුරුදු ගණනාවකට පස්සේ අපේ ආණ්ඩුව තමයි මේක රී ඕපන් කරලා තියෙන්නෙ. රී ඕපන් කෙරුවා විතරක් නෙමෙයි, මේ නඩුව සාධාරණයක් ඉෂ්ඨවන තෙක් ගෙනියන්න අවශ්‍ය සියලුම ක්‍රියා මාර්ගත් අපි ගන්නවා.

අපි සීඅයිඩී එකට කියන්නේ තව හොයන්න. තව සාක්ෂි කරුවන් ඉන්නවා නම් තව හොයන්න. දාලා තියන නඩුවලට සාක්ෂි මදි නම් අපි සාක්ෂි හොයමු. මේ සාක්ෂි පිළිබඳව මෙච්චර කාලයක් යට ගහන්න තිබ්බ කේස් එකක් අමතක කරලා දාන්න තිබ්බ කේස් එකක් ගැන අද අපි කතා කරන්නේ.

මේක ලසන්ත වික්‍රමතුංග ගැන විතරක් නෙමෙයි, මේ කේස් එක හරියට කරගන්න පුලුවන් වුනොත්  මේ රටේ යුක්තිය සාධාරණය බලාපොරොත්තු වෙලා ඉන්න මවුවරුන්, දියණියන්ට බලාපොරොත්තුවක් එනවා. ඒ බලාපොරොත්තුවක් ඇති කරගන්න තමයි අපට මේ කේස් එක වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක අපි අත හරින්නේ නෑ කියලා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රොටුඹෙ උපාලි ඇතුළු අපරාධකරුවන් 03ක් ඩුබායි සිට ලංකාවට ගෙනෙයි!

Next Post

ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනී!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.