පින්නවලින් බලහත්කාරයෙන් අලි ඇතුන් රැගෙන යාම වළක්වා ඔවුන්ව ආරක්ෂා කිරීමට නොහැකිව තමන් අසරණ වූ බව ඊයේ (10) සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉල්ලා අස් වූ ඉෂිනි වික්‍රමසිංහ කියා සිටියාය.
“‘ශ්‍රී දේවි’ පින්නවල සිටින ඉතා ආදරණීය කෙනෙරක්. පින්නවලින් බලහත්කාරයෙන් රැගෙන යන ඇය සහ අනෙකුත් අලි ඇතුන් ආරක්‍ෂා කිරීමට නොහැකිව මා ඉතා අසරණ වුණා.“
ඉෂිනි සිය ෆේස්බුක් සටහනෙහි සඳහන් කළාය.
නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි එම අලි ජාවාරම් කරුවන් වෙත ආපසු ලබා දීමට විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉල්ලා අස් වූ බව ඊයේ වාර්තා විනි.
පින්නවල අලි ට්‍රක් රථවලට පටවාගෙන ෆේස්බුක් හි වීඩියෝ පටයක් බෙදා ගනිමින් ඉෂිනි පැවසුවේ එය ඔවුන්ගේ නිදහස උදුරා ගැනීමේ ක්‍රියාවක් බවයි.
“කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ නිදහස උදුරා ගැනීම මොනතරම් කුරිරු ක්‍රියාවක්ද,” ඉෂිනි තවදුරටත් ප්‍රශ්න කර සිටියාය.