කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගෙන් චීනයට කන පැලෙන උත්තරයක්… නැව වරායටවත් ගන්න එපා… වරාය අධිකාරියටත් දන්වයි!

පැලෑටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ ප්‍රමිති ආයතනයෙන් පරික්ෂා කරන ලද චීන කාබනික පොහොර සාම්පල පිළිබඳ වාර්තා වැරදි බවට අභියෝග කරමින් චීනය අදාල පොහොර සහිත නැව කොළඹ වරායට එවීම සම්පූර්ණයෙන් වැරදි සහගත කටයුත්තක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට අනුකූල ව සකස් කොට ඇති නීති අභියෝගයට ලක් කරමින් හිතුමතේ එවැනි කටයුතු කිරීමට චීනයට කිසිසේත් හැකියාවක් නැති බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානයේ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් චීනයෙන් යොමු කරන ලද ලිපියට තමා ඊයේ 22 දා පිළිතුරු යැවූ බව ද ලංකාවෙන් අනුමැතියක් නොමැතිව එවන ලද නැව සම්බන්ධයෙන් වගකීමක් භාර ගැනීමට තමන් කිසිසේත් සූදානම් නැති බව එහි දන්වා යැවූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය


චීනයේ අදාල සමාගම විසින් එවන ලද නැව කොළඹ වරායේ පිටත නතර කර තැබුවද ඇතුළු වරායට කිසිසේත්ම ඇතුළු කර නොගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත භාණ්ඩ ගොඩබෑමට ඉඩක් නොතබන ලෙසත් දන්වා තමා වරාය අධිකාරියට ලිපියක් යොමු කළ බවද ඔහු කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිවිසුම්ගත පරිදි සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ලංකාවේ පරිසර පද්ධතියට සියයට සියයක් ගැලපෙන්නෙ නම් පමණක් කාබනික පොහොර මිලදී ගැනීමට සූදානම් බව පෙර සාකච්ඡාවලදී චීනයට දන්වා තිබූ බවද එම නීති රෙගුලාසිවලට පටහැනිව කටයුතු කර තිබෙන බැවින් එහි වගකීම කිසිසේත්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බාර ගත නොහැකි බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version