කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල ධනුෂ්ක ගුණතිලක තිදෙනාගේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කර ලංකාවට කැඳවයි..

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට ක්‍රීඩා තහනමක් පනවා වහාම යළි ලංකාවට ගෙන්වීමට තීරණ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන්ද ද සිල්වා පවසයි.

මෙම තීන්දුව මීට ස්වල මොහොතකට පෙ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබිණි.

ජෛව ආරක්ෂක බුබුල බිඳ දමා කණ්ඩායම මෙන්ම තමන් සංචාරය කරන විදේශ රටද අනතුරට හෙළීම ඇතුළු මූලික විනය සිද්ධාන්ත බිඳ හෙළීම සම්බන්ධව ඔවුන් වෙත චෝදනා එල්ල වී තිබේ.

ක්‍රීඩා තහනමකට යටත්ව යළි ගෙන්වන මේ ක්‍රීඩකයන් අතුරින් ධනුෂ්ක ගුණතික බීමත්ව ස්ත්‍රී දූෂණයට තැත් කිරීමේ වරදකට මීට මාසයකට පමණ පෙර මාතර දකුණේ සුප්‍රකට හෝටලයක දී පැමිණ සිටි පිරිසකගෙන් විසින් ගුටි කා තිබිණි. නිරෝෂන් දික්වැල්ල අවස්ථා කීපයක දී විදේශ සංචාරවල නියැලෙන අවස්ථාවල සමාජ ශාලාවල බීමතින් කාන්තා ඇසුර සොයා යද්දි හසුවී අවවාද කර තිබිණි. කුසල් මෙන්ඩිස් අපරික්ෂාකාරීව රිය පදවා පුද්ගල ඝාතනයක් සිදුකර පලාගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල. ජෛව ආරක්ෂක බුබුල කුඩු…

Exit mobile version