කුලියාපිටිය ළදැරියගේ මරණයට තවම නිශ්චිත හේතු නෑ… ජාතික ප්‍රතිශක්ති කරණ පද්ධතිය කෙරෙහි අනියත බියක් ඇති කරගන්න එපා…

The Department of Epidemiology urges the public not to spread unfounded fears regarding the National Immunization System

ශ්‍රියානි විජේසිංහ –                                            

කුලියාපිටිය ප්‍රදේශයේ මාස 4දී ලබාදෙන එන්නතක් හේතුවෙන් බිළිඳියෙකු මිය ගියේ යැයි පවසමින් ඇතැම් මාධ්‍ය මගින් පළවන වාර්තාවන් සම්බන්ධයෙන්   ජාතික ප්‍රතිශක්ති කරණ පද්ධතිය කෙරෙහි අනියත බියක් ඇති කර නොගන්නැයි වසංගත රෝග විද්‍යා  අංශය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග විද්‍යා අංශය  මරණයත් එන්නතත් අතර යම් සම්බන්ධතාවක් තිබේද යන්න පිලිබඳව  සවිස්තරාත්මක විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම වාර්තාවන් ඉදිරි දිනයකදි ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ   පැවසුවේය.

දැරිය මිය ගොස් ඇත්‌තේ  එන්නත ලබා දුන් දිනයට පසු  දිනයේදී බැවින් දැරියගේ  රුධිර සාම්පල හා පටක පරික්ෂණාගාර දෙකක ට යවා මේ වන විට පරික්ෂණ  ආරම්භ කර ඇති බවද පැවසේ.

ජාතික ප්‍රර්‍තිශක්තිකරන වැඩසටහනට යටතේ   ගෙන්වන සෑම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රමිතිය සහතික කළ එන්නත් පමණක් යැයිද  . මෙසේ තහවුරු කළ සෑම එන්නතකම වාර්තාවන්  මෙරට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥවරුන්  දෙදෙනෙකු විසින්  මුල සිට පරිශීලනය කිරීමෙන් අනතුරව  නියාමන අධිකාරියේ විද්වත් කමිටුව මගින්  අවසර ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය ළදැරියට අදාල එන්නත් මාත්‍රාව ලබා දීමට පෙර ඇය කිසිදු රෝගී තත්තවයකින් පසු නොවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයා තහවුර කර ගත් පසුව එම එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවත් මෙසේ ලබා දීමෙන් අනතුරුව විනාඩි 20ක පමණ කාලයක් සායනය තුළ රඳවා සිට නිවස බලා පිටත් කර ඇර ඇති  බවද විශේෂඥ වෛද්‍ය ගිනිගේ   පවසා සීටියි.

Exit mobile version