කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටිය දී නඩු භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සේවය අත්හිටුවා තිබෙන බව අනාවරණය වූ 24 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකු සහ තවත් 30 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් අනුපහක් සමග ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පියවර ගෙන තිබේ.
ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාතලේ නගර සභා ළමා ක්‍රීඩාංගනය අසල දි එක් සැකකරුවෙක් ද, අනෙක් සැකකරු ඔව්ලිලේ ගෙදර සිය නිවසේ දී ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල් වරයාගේ සේවය මිට දෙවසරකට පෙර අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනාම මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මොවුන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ
ගම්පොළ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි