බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩුකාරයින්ගෙන් යැපෙන නීතිඥයෝ වැඩ බලන පොලිස්පති තුමාට නඩු පිට නඩු දානවා… UN එක බලපෑම් කළත් යුක්තිය නවත්වන්නේ නෑ…. මහජන ආරක්ෂක ඇමති කියයි

by editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටට ආදරය නැති ඉරිසියාකාර කුහකයෝ ජාත්‍යාන්තරයට ලියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානීනුත් ප්‍රකාශ නිකුත් කරලා තියනවා… ඒ කාගේ බලපෑමටවත් යුක්තිය මෙහෙයුම නතර කරන්න බෑ….

කුඩු නඩු වලට පෙනී සිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින්  පසුගිය සතිය තුළ වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු දැමූ බව  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් පැවසුවේය.

ඔහු කීවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල මුදලින්  යැපෙන  රටට ආදරය නැති කුහක, ඊර්ෂ්‍යවෙන් පිරුණ කල්ලි  ජාත්‍යාන්තරයට ලිවීම හේතුවෙන්  පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද තමන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කර ඇති බවය.

මේ ආකාරයෙන්  කවුරුන් කුමණ මතය දැරුවත් යුක්තිය මෙහෙයුම නවත්වන්නේ නැති බව   ඇමතිවරයා අවධාරණය කළේය.

අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේ ද කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

රට තුළ  මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනය වීමට අරගලයද එක් හේතුවක් බවට පත් වුණා. රටටම ව්‍යසනයක් බවට පත් වූ එම තත්වය මර්දනය කිරීමේ සැලසුම් අප සකස් කලේ මීට මාස 6කට පමණ පෙර සිටයි.

යුක්තිය මෙහෙයුම ආරම්භ වූයේ එලෙස සිදුකල පුළුල් අධ්‍යයනයන් වලින් අනතුරුවයි. ඒ අනුව දකුණු පළාතෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා. එහිදී අපගේ විශේෂ අවධාණය යොමු වූයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම මර්ධනය පිළිබඳවයි. ඊට පාතාලය ද සම්බන්ධයි.

එවකට ඇතැම් කාලවල දිනපතා ඝාතන ඇතුළු අපරාධ සිදුවීම් රැසක් වාර්තා වුණා. රටට බරක් වූ මෙම සියලු අපරාධ කරුවන් හඹා ගොස් නීතිය හමුවට පැමිණවීම අපේ අරමුණයි. ආයුධ සන්නද්ධ අපරාධකරුවන් සොයා පොලිසිය යන්නේද ආයුධ සන්නද්ධවයි. එම නිසා නීතියට අනුව අවශ්‍ය අවස්ථාවේදී ආයුධ භාවිතා කිරීමට පොලිසියට සිදු වනවා.

මෙලෙස කටයුතු කරගෙන යන අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇතැම් දේශීය කල්ලි වලින්ද අපට විවිධ අභියෝග, බාධක එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. කුහක, ඊර්ෂ්‍යවෙන් පෙලෙන, රටට විරුද්ධව කටයුතු කරන පිරිස් එලෙස කටයුතු කරනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා

.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා.

කවුරුන් කවර මතයක් පල කළත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ. අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.

මෙවැනි බාධා කිරීම් සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබාගන්නා, කුඩු නඩු වලට පෙනී සිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින්. පසුගිය සතිය තුළ වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු දැම්මා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් මේ වැඩපිළිවෙළ නතර කරගැනීමට එලෙස කටයුතු කරනවා. මේ වන විට අපට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් එම පිරිස් කටයුතු කරනවා. ඊට නිසි පිළිතුරු ලබා දිය යුත්තේ මේ රටේ ජනතාවයි.

මෙම තත්වය නතර නොවුනහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළි කිරීමට අප පියවර ගන්නවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ මුල් වරට නුවරඑළිය තොග වෙළෙඳපලේ කැරට් කිලෝව රුපියල් 1000 පනී… බ්‍රකෝලි කිලෝව 7500ක්!

Next Post

කොළඹ නගරය ලස්සන කරන්න මෙල්වා අනුග්‍රාහකත්වය දක්වයි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.