කුකුළු පොරවලට ඉන්දියාවෙන් විශේෂ පොර කුකුළන් ගෙන්වලා… බෝට්ටුවෙන් ගෙනා කුකුළන් 50ක්  අත්අඩංගුවට….

මීට කලින් එළු පොරවලට ගෙන්වූ විශේෂ එළුවන් 05කුත් අත්අඩංගුවට අරන්...

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එන ලද කුකුල් පොර සදහා යොදා ගන්නා පොර කුකුළන් 50 දෙනෙකු  නාවික හමුදාව විසින් ඊයේ ( 9 )  අත් අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුවක ආධාරයෙන් රැගෙන එන ලද කුකුළන් 50 දෙනා එකට බැද  මන්නාරම නගරය දෙසට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් එහි ගොස් කුකුළන් අත් අඩංගුවට ගෙන ඇතත් කුකුළන්ගේ අයිතිකරුවන් නිලධාරීන් පැමිණෙනු දැක පලාගොස් තිබේ.

පොර කුකුළන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුකුළන් 7 දෙනෙකු අධික තෙරපීම නිසා මරුමුවට පත් වී තිබේ.

කුකුළන් රැගෙන එන ලද පිරිස අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම කුකුළන්  නීතිමය කටයුතු සදහා මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාව විසින් මීට දින තුනකට ඉහතදී ඉන්දියාවෙන් රැගෙන එන ලද  පොර ක්රීඩා වලට යොදා ගන්නා එළුවන් පස් දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version