බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කීරි සම්බාවලින් පාරිභෝගිකයන් තම්බන මෝල්ලු මෙල්ල වෙයි ද? 

by editor
මැයි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තම තොග සහ සිල්ලර සැපයුම්කරුවන්ට නාඩු සහල් සහ සම්බා මිලට ගන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ හා සමාන ව කීරි සම්බා මිලදී ගත යුතු බවට පනවා ඇති කොන්දේසිය ඉවත් කර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. පසුගියදා පොලොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනවල පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක  ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් හමුදා ආරක්ෂාව ද සහිතව නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර එහිදී මෙම මොල් හිමියන් පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබේ. 

මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ලෙස සැලකෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන, හිටපු නියෝජ්‍ය අමාතය සිරිපාල ගම්ලත්ට අයත් නිපුන සහ  රත්න, ඇතුළු සහල් නිෂ්පාදකයන් වෙත මෙම කණ්ඩායම ගිය අතර එහි දී ඇතැම් සහල් නිෂ්පාදකයන් සමඟ උණුසුම් කතා බහක් ද ඇති විය. 

සාමාන්‍යයෙන්  බාහිරින් යන ලොරියක රියදුරකුටවත් මෙම ප්‍රධාන සහල් මොල්වලට ඇතුළු වීමට අවසර හිමි වන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ අනපේක්ෂිත ලෙස හමුදා නිලධාරීන්ද සමඟ මෙම සහල් මෝල්වලට ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර ලැබී ඇත.

මෙම සහල් හිමියන් මෙරට නිෂ්පාදනය වන කීරි සම්බා වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නා අතර එය සාමාන්‍යයෙන් මෙරට වෙඳෙපොලේ සාපේක්ෂව වැඩි ලාබ තීරුවක් සහිත ව වැඩි මිලකට අලෙවි කළ හැකිය. රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් පසුව සහල් හිඟයක් පවතින බව පෙන්වා දීමට උත්සාහ කරන අතර මෙම මෝල් හිමියන් පවසන්නේ මෙම පාලන මිලට සහල් නිකුත් කිරීම පාඩුවක් බවය. ඔවුන් වී කිලෝවක් රුපියල් 50ත් 55ත් අතර මිලකට  ගෙන ගොවිබිම්වල සිට ප්‍රවාහනය කොට සහල් බවට පත් කොට අලෙවි කිරීමේ දී විශාල වියදමක් යන අතර මෙම තත්ත්ව යටතේ නාඩු සහ සම්බා සහල් පාලන මිලට විකිණීමෙන් පාඩු වන බව පෙන්වා දුන්හ. එසේ වුවද කීරි සම්බා සහල් සාපේක්ෂව වැඩි ලාබ තීරුවක් මත විකිණීමට හැකි වන අතර රටේ කීරි සම්බා සහල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේද මෙම මහා පරිමාණ මෝල් හිමියන්ය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කෙසේ වුවද රටේ සමස්ත සහල් පරිභෝජනයෙන් සියයට 5ක් පමණ වන කීරි සම්බා සහල් වැඩිපුර මිලදී ගැනුණේ මෙරට සංචාරක හෝටල් සහ ආපන ශාලාවලටය. පසුගිය කාලයේ දී මෙම ඉල්ලුම ද සීමා වූ අතර ඔවුන් දැන් ක්‍රමෝපායිකව නාඩු සහ සම්බා සහල් පිටතට යැවෙන ප්‍රමාණය පාලනය කිරීම සහ වැඩි ලාබ තීරුවක් සහිත කීරි සම්බා අලෙවි කිරීම සඳහා මහා පරිමාණ සහල් හිමියන් පොදු එකඟතාවක් සහිතව නිල නොවන කොන්දේසියක් දමා තිබුණි. ඒ අනුව සුලු පරිමාණ සිල්ලර හෝ තොග ව්‍යාපාරිකයකු නාඩු සහ සම්බා සහල් ලබා ගන්නේ නම් එම තොගයට සමාන කීරි සම්බා තොගයක්ද ලබා ගත යුතු බවටය. මේ පිලිබඳව පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී තිබුනු අතර පසුගියදා මේ කොන්දේසි ඉවත්කරන ලෙස පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද ඉල්ලීමට මෙම මොල් හිමියන් එකඟ වූ බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ   නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ  කලේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිත්‍රපට චරිතයක් අනුකරණයට ගිය රූමතිය ගිනි අරන් මැරිලා

Next Post

සහල් හංගාගෙන ඉන්න මෝල්ලු ගැන  මේ අංකවලට කියන්න

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.