කිලිනොච්චියේ කේරල ගංජා ගබඩාවක්… කෝටි 14ක කේරල ගංජා අත්අඩංගුවට…..

දිනසේන රතුගමගේ

කිළිනොච්චියේ ඉන්දුපුරම් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 14 ක්  පමණ වටිනා  කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2685 ක ප්‍රමාණයක් සමග එක් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 24 )දා අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් බවට සැකකෙරෙන යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය හමු වී ඇති අතර  සැකකරුව කිළිනොච්චිය පොලීසියට බාර දීමට  පියවර ගෙන තිබේ.


Exit mobile version