කීර්ති ප්රනාන්දු –
කිරිපිටි ආනයනය කරන්නන් සම්පූර්ණ යොදය සහිත කිරි පිටි මිල වැඩි කිරීම සදහාවන අවසරය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.
එහිදී ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් වැඩි කිරීමටත් කිලෝ එකක කිරි පැකට්ටුවක් රුපියල් 350කින් වැඩි කිරීමටත් අවසරය ඉල්ලා ඇත.
යම් හෙයකින් මෙසේ කිරිපිටි මිල වැඩිවීමක් සිදු වුවහොත් ග්රෑම් 400 පැකට්ටුවක් රුපියල් 520ක් හා කිලෝ එකේ කිරි පැකට්ටුවක් 1295 දක්වා මිල ඉහළ යනු ඇතැයි වාර්තා වේ.