කින්නියා නගරාධිපති ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට…

සමන් මල්ලවාආරච්චි –

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි හි පාලම්පාරුව පෙරළී  පාසල් දරුවන් 04ක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධව කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා අද (25) අත්අඩංගුවට ගෙන ත්‍රීකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත්  ෆයාස් රාසෆ් විසින් නියෝග කළේය.

දණ්ඩනීති සංග්‍රහයේ 273, 275 හා 298  වගන්ති යටතේ චෝදනා ඉදිරපත් කර  අධිකරණයට ඉදිරිපත් කළ  කින්නියා නගරාධිපති එස්.එච්.එම් හලීම්   මෙසේ බන්ධනාගාරගත කෙරිනි.

මේ අවස්ථාවේ උසාවි භූමියට පැමිණ සිටි නියෝජ්‍ය නගරාධිපති අයි. සෆ්රාස් ප්‍රකාශ කළේ මේ සිදුවූයේ දේශපාලන පලිගැනීමක් බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාරුව හිමිකරුත්, පාරුවෙන් මුදල්  ඉපැයූ පුද්ගලයනුත් ආණ්ඩුවේ හිතවතුන් බව කී නියෝජ්‍ය නගරාධිපතිවරයා  නගරාධිපති නිර්දෝෂී පුද්ගලයෙක් බව ප්‍රකාශ කළේය.

Exit mobile version