ලෝකය තාක්ෂණය සමඟ වේගයෙන් වෙනස් වෙමින් පවතින මොහොතක උතුරු කාශ්මීරයේ බන්ඩිපෝරා හි වෙසෙන තරුණ කලාකාරිනියක් අක්ෂර ඇඳීමේ ඓතිහාසික සම්ප්‍රදායට නව ජීවයක් ලබා දීමට සමත් වී තිබේ.
ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා සිටින ෂාසියා ඇනීස් ගුරුවරියක ලෙසින් කටයුතු කළාය. අභියෝගාත්මක වසංගත සමයේදී , සිය හුදෙකලාව තුරන් කර ගැනීමට ඇය ඓතිහාසික අක්ෂර වින්‍යාස කලාව හදාරන්නට වූවාය. එහි සුන්දරත්වය වටහා ගත් ඇය සිය විචිත්‍රවත් නිර්මාණවලින් ප්‍රදේශවාසීන්ගේ හදවත් වසඟ කර ඇත.
“එය පළමු බුරුසු පහරින්ම බැඳුණු ආදරයක්..” ෂාසියා පවසන්නීය.
ඇග් අධ්‍යාපනික පසුබිම ඇයට ශක්තිමත් පදනමක් සැපයූ නමුත් අක්ෂර ඇඳීම සමඟ ඇති වූ ගැඹුරු සම්බන්ධතාවය, ඇය. එයින් වෙන් කිරීමට සමත් වී තිබේ. ඇගේ සෑම පෑන් පහරකම ඇගේ ආත්මයේ කොටසක් පිළිබිඹු කරන අතර ඇගේ නිර්මාණ ඇගේ අභ්‍යන්තර ලෝකයට කවුළුවක් යැයි ‘ද ප්‍රින්ට්’ පවසයි.
“ඔබ මගේ වැඩ නිරීක්ෂණය කරන විට, ඔබ මගේ ආත්මය දෙස බලයි. එය මගේ බලාපොරොත්තු, සිහින සහ හැඟීම් රඳවා තබා ගනී, ” ඇය හෙලි කළාය.







