කැලණිය ප්‍රාදේශීයසභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපෘති සියල්ලම හසුරුවමින් එහි ලාභය උපයා ගන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පවුලේ ඥාති සමූහය බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය බදාදා පැවැති කැලණිය ප්‍රාදේශීය සභාවේ මහා සභාවේදී ශ්‍රීලනිප මන්ත්‍රී තිලක් වීරසිංහ මේ බව හෙළි කරමින් ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභාවේ විශාලම කොන්ත්‍රාත් සියල්ල සිදු කරනු ලබන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මස්සිනා බවය.
බල ප්‍රදේශයේ ඇලවල් හෑරීම හා ප්‍රාදේශීය පාරවල් සඳහා අල්ලන ගල් නිෂ්පාදන කරනු ලබන්නේ ඇමැතිවරයාගේ බිරිය බව කී මන්ත්‍රීවරයා මේ කොන්ත්‍රාත් නිරීක්ෂණය කරනු ලබන්නේ සමෘධි නියාමකයකු ලෙස රැකියාවක් ලබාගෙන සිටින රාජ්‍ය ඇමතිවරයාගේ බාල සොයුරා බවය.
මෙසේ පසුගිය කාලය තුළ කැලණි ප්‍රාදේශීය සභාවේ කෝටි ගණනක මුදල් රණවීර පවුල කොල්ල කා ඇති බව ඔහු චෝදනා කළේය.