කැනඩාවේ ඔටාවා හි දි ශ්‍රී ලාංකික පවුලක දරුවන් 04ක් මව ඇතුළු 06ක් සාහසිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරයි… පියාට වෙඩි වැදි අසාධ්‍යයයි!

Six Dead, Including Four Children

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හේවන් උපනගරයේ   නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක දරුවන් 4 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙක් වෙඩි තබා  ඝාතනය කර තිබේ.

මිය ගිය පුද්ගලයින් අතර දරුවන් සිව් දෙනා සහ දරුවන්ගේ මව වන අතර පියා වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

CBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිද්ධිය පිළිබඳ හදිසි ඇමතුම් සේවාව වෙත රාත්‍රී 10.50 වනවිට ලැබී තිබුණු බවය. මිය ගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැතත් ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් පවසා ඇත්තේ මිය ගිය හය දෙනා අතර ශ්‍රී ලාංකික මව සහ දරුවන් තිදෙනා සිටින බවය. දරුවන්ගේ පියා වන ශ්‍රී ලාංකිකයා ද වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතත් දිවි ගලවාගත් බව මහකොමසාරිස් කාර්යලය CBC වෙත ප්‍රකාශ කර  තිබිණි.

සිද්ධිය ම්බන්ධව ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර 15ක් පමණ දකුණට වන්නට පොලිසිය විසින් හඳනාගෙන නොමැති පිරිමි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇතැයි CBC වාර්තා කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වින්දිතයින් සහ අත් අඩංගුවට ගත්  සැකකරු අතර ඇති සම්බන්ධය ගැන තවම අදහස් දැක්විය නොහැකි බව සීබීසී රේඩියෝවේ ඔටාවා මෝනිං සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔටාවා  පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පවසා ඇත. ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් එය හැඳින්වූයේ “අපගේ නගරයේ ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වයේ වඩාත්ම කම්පන සහගත සිදුවීම් වලින් එකක්” ලෙසිනි. ඔහු පවසන්නේ ප්‍රජාවේ මිනිසුන් මේ සිද්ධියෙන් විශ්මයට සහ කම්පනයට පත් වී ඇති බවය.

Exit mobile version