බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි කා මැරෙන්නේ ඇයි?

by editor
ජූනි 26, 2020
in පුවත්
රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය හෙවත් කැටවලපිටියේ සම්පත්

රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය හෙවත් කැටවලපිටියේ සම්පත්

Share on FacebookShare on Twitter

මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම සහ කුළී ඝාතන මෙහෙයවමින් බන්ධනාගතව සිටින  ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල මැරයාගේ කල්ලියේ වෙඩික්කරුවෙක් බවට පොලීසිය හඳුනාගෙන සිටි බව කී පාතාලයේ අපරාධකරුවෙක් ගම්පහ මල්වතුහිරිපිටියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව අද  (26) මරුමුවට පත් වූ බව පොලිසිය කීවේය.

පොලිසියට අනුව ඔහු කැටවලපිටියේ සම්පත් නමින් ප්‍රකටව සිටි කුළි ඝාතකයෙක්  ලෙස   පොලීසිය විසින් හඳුනාගෙන ඇත.  මීපිටිය එල්ලක්කල පදිංචිව සිට මේ තැනැත්තා නමින් රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය. විසි පස් හැවිරිදිය.

මරණය සිදු වූ ස්ථානය

ඝාතනය වූ අයුරු

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් පුවක්පිටිය ප්‍රදේශයේ යම් ස්ථානයක අද  (26) අලුයම ක්ෂණික මාර්ගබාධකයක් යොදා රථවාහන පරීක්ෂාවක් කළ බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අළුයම 5.30 ට පමණ එම මාර්ග බාධකය පසුකර පොලිස් අණ නොතකා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එම යතුරුපැදිය පසුපස පොලිසිය ලුහුබඳින විට ස්කූටිය පදිමින් සිටි යතුරුපැදිකරු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය අංශය දක්වයි.

වේගයෙන් පලා ගිය ස්කූටි වර්ගයේ යතුරු පැදිය

එහිදී පොලීසිය එල්ලකළ ප්‍රතිප්‍රහාරයකින් සැකකරු තුවාල ලබා අලුයම 5.50 පමණ වන විට  මල්වතුහිරිපිටිය ප්‍රාෙද්ශිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවත් පොලිස් මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වේ.

පොලිස් වාර්තාවලට අනුව පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය තැනැත්තා සතුව    නිලධාරීන් දෙසට වෙඩි තැබූ රිවෝල්වරයද හමුවී තිබේ.  ඔහු පැදගිය යතුරුපැදිය දැන් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධකරු කවුද?

අපරාධකරු පොලිසියට වෙඩි තැබූ බව කී පිස්තෝලය

පොලිිසිය කියන පරිදි 2018 වසරේ අගෝස්තු 28 වෙනිදා මහර අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිට සිය නිවස වෙත ගමන් කරමින් සිටි තිස්පස් වියැති කාන්තාවකට කඩවත රන්මුතුගල ප්‍ර දේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ  කැටවලපිටියේ සම්පත්ය.

ඒ සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට මේ වන විට සිට ඇත්තේ ඇපමතය.  ගනේමුල්ලේ සංජීවගේ ලබාගත් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහුව යොදවා එම ඝාතනය සිදුකර ඇති  බව එ  පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබිණි.

මේ ඝාතනය එකල සමාජයේ බොහෝ කථිකාවට ලක් වූ එකකි. වෙඩි කා මිය ගිය කාන්තාවගේ   සැමියාද වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊට ටික කලකට ඉහතදී ඝාතනය වූයේය. ඔහු ධනවත් පුද්ගලයෙකි. මේ කාන්තාවගේ සැමියා ඝාතනය වී තිබුණේ ඇය විසින්  ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිසිය හෙලි කරගත්තේය.

ඇයව ඝාතනය වන්නේ බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටිය දීය. එම ඝාතනයට සැකකරුවෙක් ලෙස පොලිස් අත්අඩංගුවට ගත් කැටවලපිටියේ සම්පත් පොලීසියට සඳහන්කර තිබුනේ ගනේමුල්ලේ සංජීව තමාට ඒ වෙනුවෙන් මුදල්  ලබාදුන් බවය.

කැටවල පිටිය සම්පත් ඝාතනය වන්නේ ඇයි?

තවම ඒ සම්බන්ධ නිශ්චිත හේතුවක් පොලිසිය පාර්ශවයෙන් ප්‍රකාශ වී නැත. නීති අංශ කියන්නේ  පොලිසිය ඉදිරිපත් කරන පෙළ ගැස්ම හුරු පුරුදු ආකෘතියක් සහිත ඉතාම දුර්වල එකක් බවය. මේ පුද්ගලයා ඇප පිට සිටින සැකකරුවෙක් මිස තවමත් අධිකරණය ඉදිරියේ චූදිතයෙක් නොවන බවත්,  පැරණි අපරාධය මිස  විශේෂ බාධක යොදා අත්අංගුවට ගැනීමට තරම් වැදගත්  චෝදනා පොලිසිය විසින්  සිය මාධ්‍ය නිවේදනයේවත් ගොනු කර   නැති බවත්, ඔවුහු පෙන්වා දෙති.

මේ අතර පොලිසියේම සමහර ආරංචිමාර්ග පවසන්නේ ඉහළම තනතුරකට යෑම සඳහා වියරුවෙන් දඟලන බස්නාහිර පළාතේ පොලිස් ලොක්කෙකුගේ  ලකුණු සඳහා  මේ ඝාතනය සිදු වී ඇති දැයි සැකයක් ඇතිවන බවය.

.

පොලිස් මාධය ප්‍රකාශය
Tags: නවතම
Share84Tweet43
Previous Post

චම්පික පරදවන්න කෝටි 5ක වියදමක් !

Next Post

එජාපයේ ඡන්ද රැස්වීම් ඩිජිටල් වෙයි –

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.