හැටන් රංජිත් රාජපක්ෂ –
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම ජලාශ දෙකේම ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර කළමණාකරුවෝ පැවසූහ.
අද (10) දින උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශයේ පිටාර මට්ටම වන අඩි 120 න් අඩි 52 ක් අඩු වි ඇති බවත්, කාසල්රි ජලාශයේ පිටාර මට්ටම අඩි 155 න් අඩි 37 ක් පහල බැස ඇති බවත් ඉංජිනේරුවරු කීහ.
එම ජලාශ දෙකේ ලබා ගන්නා ජලයෙන් කැනියොන් , විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සමනල යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සිදු කරන අතර, දැනට එම ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවත් විදුලි බලාගාර ඉංජිනේරු කීහ.
එම විදුලි බලාගාරවල විදුලි උත්පාදනයෙන් පසු ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයෙන් ජලය කැළණි ගඟට මුදා හරිනු ලබයි