නතාෂා නෙත්මිණි –
මධ්‍යම , සබරගමු , දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඒ අතර ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.
මේ අතර ඇතැම් ස්ථානයන් වෙත මි.මී 75ට වැඩි වර්ෂාපතනයක්ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ස්ථානයන්ගේ තාවකාලික තද සුලංද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු සහ ගිගුරුම්පවතින අවස්ථාවන්වලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.