අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික ගොවිතැන තොරෙම්බල් කර උග්‍ර විෂ පලිබෝධ වලට නොනිල ලයිෂන් දීලා  –  හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • උග්‍ර විෂ සහිත පළිබෝධ නාශක 30කින්පළිබෝධනාශක පනත යටතේ  අල්ලන්නෙ 09යි..

  • අධි විෂ සහිත මොනක්‍රොටපස්, මැලතියන් හා කාබෝෆියුරාන් පවා අසිමිත ලෙස රටට ගෙන්වා වෙනත් නම් වලින් විකුණනවා…

කෘෂි රසායනික දුව්‍ය මෙරටට ගෙන්වීම තහනම් කර ඇති පසුබිමක් තුළ විදේශවල සිට බෝට්ටු මඟින් හොර රහසේ මෙරටට විවිධ කාෂි රසායන වර්ග 30ක් පමණ මේ වනවිට ගෙන එනු ලැබුවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් එයින් කෘෂි රසායන වර්ග 09ක් පමණක් අල්ලා අදාළ නීත්‍යනුකූලව කටයුතු කරන ලෙසට මේ වනවිට නියෝග කර ඇති බවත් ඉතිරි කෘෂි රසායන නිදැල්ලේ රට තුළට පැමිණෙන බවත් දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජත් කීර්ති තෙන්නකෝන්   පවසයි.

මෙම විශේෂයෙන් පළිබෝධ නාශක මේ අයුරින් මෙරටට නීති විරෝධීව ගෙන එන අතර ඒවා සඳහා ඩොලර් වෙනුවට රත්තරන් හුවමමාරු වන බවත් වැලිගම මිරිස්ස ඇතළු දකුණු මුහුදු තීරයේදී මෙන්ම නැගෙනහිර මුහුදු තීරයේදීද මෙම භාණ්ඩ රත්තරන් සඳහා හුවමාරු වන බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන්   වැඩිදුරටත් සඳහන් කරයි.

“මෙම් ජාවාරම දිගු කලක් තිස්සේ සිදුවුණා. ඇස් කන් වසාගෙන සිටි රජය පසුගිය සැප්තැම්බර් 23 වනිදා මා විසින් සිදු කරන ලද හෙළිදරවෙන් පසුව පසුව සැප්. 24 දිවයින පුරා හොරට විකුණන පළිබෝධක නාශක 30 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් 9 ක් පමණක් අල්ලා නඩු පැවරීමට ක්‍රියාකරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් නියෝග කර තිබෙනවා. පළිබෝධනාශක පනත යටතේ නීති විරෝධී කෘෂි රසායන අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ඇරඹීම සතුටට කරුණක් නමුත් නීති විරෝධී පළිබෝධකනාශක 9 ක් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් උග්‍ර විෂ සහිත රසායන නිදහසේ විකීණිම සඳහා පරිසරය නිර්මාණය වී තිබෙනවා. “

උග්‍ර විෂ තහනම් රසායන

රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට අනුව කලකට පෙර ලංකාවේ තහනම් කළ අධි විෂ සහිත මොනක්‍රොටපස්, මැලතියන් හා කාබෝෆියුරාන් පවා අසිමිත ලෙස රටට ගෙන්වීම මේ වන විට සිදුවේ. ඒවා විවිධ නම්වලින් ඇසුරුම් කර මේ වන විට අලෙවි කෙරේ. රටට-ලෝකයට කාබනික කෘෂිකර්මාන්තය පෙන්වමින් බෝට්ටු කෘෂි රසායන මගින් මහ කන්නයේ වගාව සිදු කිරීම රජයේ සැලසුම වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නිලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් ට නියෝග කර ඇත්තේ කෘෂි රසායන 9 ක් පමණක් සොයා මෙහෙයුම් කර නඩු පවරන ලෙසය. එමගින්, අනෙකුත් සියලු නීති විරෝධී කෘෂි රසායන අලෙවියට විවෘත නිල නොවන බලපත්‍රයක් ලැබී ඇත.

වහා ක්‍රියාත්මක වන පරිදි මෙරට අලෙවි වන සියළුම නීති විරෝධී කෘෂි රසායන අල්ලා ගැනීමට මෙහෙයුම් දියත් කරන ලෙසත්, ජාවාරම්කරුවන්ට නඩු පවරන ලෙසත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් රජයෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැලකට හසුවු දැවැන්ත දුර්ලභ මිණි මුතු මොරා නිරුපද්‍රිතව යළි මුහුද ට…

Next Post

වරකාපොල තදබදයට ගුවන් පාලමක් සමග “බයිපාස්“ එකක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.