බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබනික කෙරුවාව නිසා අවුරුදු 32ක දේශපාලන ජීවිතය විනාසයි…. මහින්දානන්ද කියයි!

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන්  ගොවි ජනතාව කරනු ලබන  චෝදනා අසාධාරණයි තමා නොසිතන බවත්,  මෙම කාබනික වැඩ පිළිවෙළ  ක්‍රියාත්මක කරන්නට ගොස් තමන්ගේ  වසර 32ක දේශපාලනය විනාශ වූ බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

තමන් විනාශ වුවද  රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් බැවින් තමන්   ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා  ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය  අමතමින්  ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කර ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“මහ කන්නයේ අපි දෙගොල්ලටම වැරදුණ තැන් තියෙනවා.ඒ වැරදුණ තැන් හදාගෙන ⁣යල කන්නයේදී කාබනික වගාව සාර්ථක කර ගන්න අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කරන්න ඕන.

සහල් ආනයනය කරනවට මම කැමති නෑ

රජය හාල් ආනයනය කරන්න තීරණය කර තිබෙනවා. මෙරටට සහල් ආනයනය කරනවාට මම පෞද්ගලිකව කැමති නෑ. වෙළඳපොළේ හාල් මිල පාලනය කරන්න මෙවැනි පියවර ගැනී⁣මෙන්⁣ ගොවියාට වීවලට ලැබෙන මිල අඩු වෙන්න පුළුවන්. ඒක වලක්වා ගන්න තමයි රජය මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 75ක් ගෙවන්න තීරණය කර තිබෙන්නේ. රුපියල් පනහට තිබුණ වී මිල රුපියල් 75 දක්වා වැඩි කර ගොවියාට මහ කන්නයේ සිදුව ඇති අලාබයට වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන්න රජය පියවර ගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා කිවේය.

මෙම සාකච්ඡාවට දිවයින පුරා දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී වී සිටියහ. මෙහිදී මහ කන්නයේ වී අස්වැන්න පිළිබඳව අදහස් විමසීමේදී සමස්තයක් ලෙස 40% – 50% අතර ප්‍රමාණයෙන් වී අස්වැන්න අඩු විය හැකි බව ගොවි සංවිධාන නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව වුවද මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වගා හානි වන්දි

එමෙන්ම මහ කන්නයේ වී වගාවේ වගා හානි වෙනුවෙන් හානිය ඇස්තමේන්තු කර වන්දි ලබා දෙන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කීරිමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බවද, කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක් ලබා දීමට ඇතැම් අය සුදානමින් සිටි බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මේ සියලු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දෙමින් යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ තම සංවිධානය අධිෂ්ඨානශීලිව කටයුතු කරන බවද පසුගිය කාල පරිඡේදය තුළ කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුහුණු දුන් අතිශය පීඩාකාරි විවේචන හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තම සංවිධානය බලවත් සේ කණගාටු වූ බවද, ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති ප්‍රේමරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

අක්කර දෙකට වැඩි වගාවන් සඳහා රජයෙන් ගිනි අවි

යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීමට පොහාර හා පොහොර භාවිතය පිළිබඳ උපදෙස් කලට වේලාවට ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. මහ කන්නයේ වගා හානි සඳහා හානිය පිළිබඳ තක්සේරු වාර්තා කඩිනමින් ලබාගෙන වන්දි ගෙවීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙහිදී උපදෙස් දුන්නේය. එමෙන්ම අක්කර දෙකකට නොඅඩු කෘෂිකර්ම ඉඩම් සඳහා ගිනි අවි ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් අබේරත්න යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

සාකච්ඡාව අවසානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා කෘෂිකර්ම උපකරණ බෙදා දීමක් ද අමාත්‍යවරයා අතින් සිදු විය. මෙසේ බෙදා දුන් යන්ත්‍රෝපකරණ අතර වී අස්වැන්න නෙළන යන්ත්‍ර, ට්‍රැක්ටර් හා වීඩර් යන්ත්‍ර ද ඇතුළත් විය.රුපියල් මිලියන 65 ක් වටිනා මෙම යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ඇත්තේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ දායකත්වයෙනි. දිවයින පුරා සියලු ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සඳහා ඒවාට ඇති අවශ්‍යතාව අනුව මෙම යන්ත්‍රෝපකරණ ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙඩි තබා ඝාතනය කළ වැලිකඩ සිරකරුවන් 27 දෙනා පිළිබඳ නඩුවේ තීන්දුව අද!

Next Post

කොළඹ කිඹුල් බය නැති කරන්න ගාලුමුවදොර ඇටවූ කිඹුල් උගුල් !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.