බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා දිනය දා පොලිසිය වාචිකව හා ලිංගිකව හිංසා කළ බව කියමින් “අයිතීන් උදෙසා කාන්තාවෝ” මානව හිමිකම් යති!

by editor
මාර්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කාන්තා දිනය දා පොල්දූව මංසන්ධිය අසල තමන් සංවිධානය කළ සාමකාමී විරෝධතා ව්‍යාපාරයට දේශපාලන අධිකාරියේ බලපෑම මත පොලිසිය විසින් උද්ඝෝෂණයට පැමිණ සිටි කාන්තාවන්ට වාචිකව හා ලිංගිකව හිංසා කළ බවත්, ජල බවුසර, කඳුළුගෑස් විදින වලින් සන්නද්ධ බලඇණි ගෙන්වා මහා මාර්ගය වසා බරපතල තර්ජනයකට ලක් කළ බවත් කියමින්  අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළහ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී හරිනී අමරසූරිය, අයිතීන් උදේසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම පැමිණිල්ල කරමින් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කරමින් මේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙහිදී මාධ්‍ය ඇමතූ ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ  . කාන්තා දිනයක් දා කාන්තාවගේ   අදහස් කිරීමේ අයිතිය  මේ රටේ පාලකයින්ට ඉවසිය නොහැකි නම්  රටේ නීතියත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඇත්තේ මොනතරම්   අවදානමකදැයි පැහැදිලි බවය.

ඇය මෙසේ ද කීවාය.

“ කාන්තා දිනයක් කියන්නේ කාන්තාවගේ අයිතීන්  වෙනුවෙන් ඉතිහාසයේ කළ සටන් සමරන  දිනයක්. එම අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමට වෙන්වුන ජාත්‍යාන්තරව පිලිගන්න දිනය. ලංකාවේත් විවිධ උත්සව තිබුණා. විරෝධතා තිබුණා. අයිතිනී උදෙසා කාන්තාවො ඉතාම සාමකාමී ලෙස කළ උද්ඝෝෂණය ඉතාම ප්‍රාකෝපකාරී තැනකට තල්ලු කරන්න පොලිිසය උත්සාහ කළා.  කාන්තාවන් අපහසුතාවයකට පත් කරන ආකාරයට හැසිරුණා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“අප හිතන්නෙ නෑ මේක පොලිසිය තනියෙන් ගත්ත තීරණයක් කියලා.   අනිවාර්යයෙන්ම උඩින්ම ආපු නියෝගයක් අනුවයි මේක සිද්ධ වුනේ. මේක පසුපස දේශපාලනය තියනවා. දේශපාලනය තුළින් හදන්නේ මානව අයිතිවාසිකම් අදහස් ප්‍රකාශකිරීම උදඝෝෂණයක් කිරීමේ අයිතිය පාලනය කරන්න.   ඒ බලය තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගත් හැටි අපි එදා හොඳින් නිරීක්ෂණය කළා.

නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය ජාතික ජන බලවේගයත් එක්ක බද්ධ වෙච්චි ව්‍යාපාරයක්. අපත් එක්ක එදා වෙනත් කාන්තා සංවිධාන ගණනාවක් උද්ඝෝෂණයට එක් වෙලා හිටියා.  නිදහස වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒක අපේ අයිතියක්. කාන්තා දිනය කියන්නෙ විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියන දිනයක්. ඒකවත් මේ රටේ පාලකයින්ට ඉවසන්න බැරිනම් රටේ නීතියත් ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙන්නෙ  මොනතරම් අවදානමක ද කියන එක පැහැදිලියි.

“ ඒකට ඉතිහාසයක් තියනවා.  අපි දන්නවා අසූ ගණන්වල රනිල්ගේ මාමා ජනාධිපති වෙලා ඉන්න කාලේ කාන්තා දින තහනම් කළා. කාන්තා දිනවලට විවිධ ප්‍රහාර එල්ල කළා. විවියන් ගුණවර්ධන වැනි වාමාංශික නායකයින්ව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට පහර දුන්නා. එවැනි දේශපාලන සංස්කෘතියකට උරුම කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ. “

“ඔහුගේ ආණ්ඩුව තමයි නැවත වරක් 2023ත් ඒ තත්ත්වය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ.  එත් ඔහු තේරුම් ගන්න ඕන එක්දහස් නවසිය අසූ ගණන්වල තිබුණ තත්ත්වයත් 2023 තුළ තිබෙන තත්ත්වයත් සහමුලින්ම වෙනස් කියලා.”

“අද ඊට වඩා සංවිධානය වෙච්චි කාන්තා පරපුරක් ඉන්නවා. ඔහුගේ නින්දිත ක්‍රියාවලින් අපිව යටපත් කරන්න බෑ. අපි ඒ කාන්තාවන්ගේ අයිතින් වෙනුවෙන් දිගින් දිගටම පෙනී ඉන්නවා. “

“ඒ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් තියන්න කියලා ඉල්ලීමත් එක්ක තමයි මානව හිමිකම් කොමිසම ඉදිරියට ඇවිත් බාර දුන්නේ. “ ආචාර්ය හරිනී අමරසූරිය කීවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සරණාගතභාවය ඉල්ලා ඉන්දියාවට ගිය යාපනයේ තරුණයෙක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට පොලිස් අත්අඩංගුවේ සිටියදී සිය දිවි නසා ගන්න හදලා…

Next Post

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපති “අභිනන්දන” සම්මානයෙන් පිදුම් ලබයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.