කාන්තාවක් විසඥ කර නිරුවත් ඡායාරූප ගෙන බිය ගන්වා ප්‍රචාරක කටයුතුවල යොදාගත් කපුවා දැලේ..

kapuwa

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශාස්ත්‍ර කියනු ලබන කාන්තාවක් සිහි විසඥ කර හෝටල්කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කිරීමෙන් පසු නිරුවත් වීඩියෝ දර්ශන ලබාගත් ශාස්ත්‍ර හා ගුරුකම් කරන කපුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තාකාර්යංශය පවසයි.
පොලිසිය වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේය.

මෙම කපුවා 32 හැවිරිදි වියේ පසුවන කුරුණැගල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. මොහු පුද පුජා පැවැත්විම සඳහා හික්කඩුව සිනිගම දේවාලයට පැමිණෙන අයෙකි. අතවරයට ලක්වු ශාස්ත්‍රකාරිය ද සිනිගම දේවලයට පුද ජුජා පැවැත්විම සඳහා පැමිණ ඇත. ඇය 30 හැවිරිදිවියේ පසුවන දෙදරුමවකි. දේවාලයට පැමිණි දිනයකදි ශාස්ත්‍රකාරිය කපුවාගේ කාර් රථය අසලට ගොස් ඇති අතර එහිදි සැකකාර කපුවා ඇයට බිම විදුරුවක් ලබාදි ඇත. පසුව ඇය සිහිසුන්ව ඇති අතර සිහිය ලැබෙනවිට ඇය සිට ඇත්තේ පාළු නිවසකය.

අනතුරුව ඇය ත්‍රිරෝද රථයකින් යලි නිවසට පැමිණ තිබේ.

දින 10ක ට පමණ පසු කපුවා ශාස්ත්‍රකාරියට දුරකථනයෙන් කථාකොට වටස්ඇප් අංකයක් ඉල්ලාගෙන ඇත. පසුව “මැඩම්ගේ සෙල්ලම් පෙන්වන්නම්“ කියා ඇයගේ නිරුවත් ඡයාරුප වට්ස්ඇප් ඔස්සෛ් ඇයට පෙන්වා තිබේ.

අනතුරුව “ දැන් ඉතින් මම කියනවිදියට වැඩකරපන්“ යැයි කපුවා මේ කාන්තාවට පවසා ඇත. පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට බිය වද්දා මෙකි ශාස්ත්‍රකාරිය තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත.

මෙම කපුවාගෙන් ගුරුකම්කරවාගෙන ප්‍තිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට ශාස්ත්‍රකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් ඒ ප්‍රකාශ විඩියෝගත කොට ඇත. තර්ජනය කිරිම් හමුවේ භියට පත් ශාස්ත්‍රකාරිය සිය උදරයට කොට්ටයක් බැඳගෙන දරුවකු ලැබිමට සිටින අයුරින් සිට තිබේ. “

මේ අයුරින් සැකකාර කපුවා විසින් තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සඳහා මෙකි කාන්තාව යොදාගෙන ඇත. ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තාකාර්යංශට ශාස්ත්‍රකාරිය විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව මෙකි සිද්ධිය පිළිබද විමර්ශනය කොට ලිංගික අතවර කිරිම හා පහරදිම බියගැන්විම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version