කාදිනල් තුමාගෙ බලාපොරොත්තු ඉටු කිරීමට ආණ්ඩුව සූදානම් බව ජී.එල් කියයි…

අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් ඇති වේවි...

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳව වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ඉතා පැහැදිලි ප්‍රගතියක් එළඹෙන අප්‍රේල් 21වන විට දැකගත හැකිවනු ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්න වෝටර්ස් එජ් හි අද 15 පැවති  මාධ්‍ය හමුවක දී ය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාව  මගින් අප්‍රේල් 21ට පෙර සාධාරණයක් වනු දැකීම අපේක්ෂා කරනබව මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ද ප්‍රකාශ කර ඇති බව   ඇමතිවරයා කීවේය.


අගරදගුරු තුමන්ගේ එම බලාපොරොත්තුව යථාර්ථයක් කිරීමට අසීරු නැති බව ද ඇමතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර කුමක්ද යන්න හා කුමන ආකාරයෙන්ද වශයෙන් රජයේ අදාල ආයතන වෙත ජනාධිපතිවරයා නිශ්ඡිත දින වකවානු සහිතව පැහැදිලි ලෙස නියෝග ලබා දී ඇති බව ද ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු අදාල ආයතන ඒ සඳහා ක්‍රියාත්මකව සිටින බව ද ඇමතිවරයා පැවසීය.

Exit mobile version