ක්ලබ් – ස්පා – සූදු පොළවල් හදිසි පරීක්ෂාවකින් 75 ක් අත්අඩංගුවට

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කටයුතු කරන ආයතන සොයා බස්නාහිර පළාතේ පිහිටි සම්බාහන සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන ඊයේ පොලීසිය විසින් විශේෂ පාරීක්ෂාවකට ලක්කර තිබේ.

ඊයේ සවස 4.00 සිට රාත්‍රී 1.00 දක්වා මෙම මෙහෙයුම දියත් කර ඇත.

එහිදී සමාජ ශාලා 47 ක්, ඔට්ටු මධ්‍යස්ථාන 105 ක්, සහ සම්බහන මධ්‍යස්ථාන 133 ක් පරීක්ෂාවට ලක්කර ඇත.


එහිදී සේඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් කටයුතු කිරීම් සම්බන්ධයෙන් 75 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අය අතර එම ආයතනවල කළමනාකරුවන් 07 දෙනෙක් සේවකයින් 17 දෙනෙක් සහ විවිධ සේවා ලබා ගැනීම සදහා ඒ ස්ථානවලට පැමිණ සිටි 50 දෙනෙක් සිටින බව අජිත් රෝහන මහතා කීය.

Exit mobile version