ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියාවන නයන වාසුල විජේසූරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන සිටින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වූ දුලාන් සංජය සිය නීතිඥයා මාර්ගයෙන් තමන්ට අධිකරණය වෙත රහස් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දන්වා සිටියේය.
ඒ අද දුලාන් සංජය ඇතුළු සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේ දී ය.
සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළාය.
එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය.
ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතය.







