ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමට අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
පසුගිය ජූලි මස 8 වනදා ටැටු චිත්‍රාගාරයක විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමුණි ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතන කරනු ලැබුවේය.
මේ වනවිට මිනීමැරුම කළ කුලී ඝාතකයින් දෙදෙනා, ඝාතකයින් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා, ඝාතකයින්ට නවාතැන් දී අවශ්‍ය පහසුකම් සැපයීමේ චෝදනා පිට පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අමල් සිල්වා අතුළු සැකකරුවන් 12 දෙනෙක් මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවේය.







