දිනසේන රතුගමගේ –
අතුරුගිරියේදී ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුරකපොලු කීපයක් ස්ථාපිත කොට තිබේ.
මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුලු ස්ථාන දැනුම්වත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදීසී කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම මන්නාරමට පැමිණෙන මාර්ගයේ අලුතෙන් පිහිටුවා අති බවය.
ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටුවල ධීවර හැදුණුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබඳව නාවික හමුදාව හා වෙරලාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීසියකින් සිටින බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.







