ඔක්තොම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී, ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙකු කාශ්මීර විලෝ ක්‍රිකට් පිති භාවිතා කිරීමට නියමිත බව ඒඑන්අයි වෙබ් අඩවිය වාර්තා කරයි. ලෝක කුසලාන තරඟාවලියේදී මෙම ක්‍රිකට් පිති භාවිතා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් පෙළඹීම ඔස්සේ පෙනී යන්නේ එම පිතිවල උසස් තත්ත්වය බව එම වාර්තාවේ සඳහන්ය.
අනන්තනාග් දිස්ත්‍රික්කයේ, දකුණු කාශ්මීරයේ සන්ගම් ප්‍රදේශයේ පිහිටා ඇති ජීආර්8 ස්පෝර්ට්ස් ක්‍රිකට් පිති නිෂ්පාදනය සිදු කරනු ලබයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසර ලත්, ජම්මු හා කාශ්මීරයේ, ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන පළමු හා එකම ක්‍රිකට් පිති නිෂ්පාදකයා වන්නේ ජීආර්8 ස්පෝර්ට්ස් හිමිකිරු ෆවුසාල් කබීර් ය.
ඔවුන් සිය නිෂ්පාදන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය වැනි ක්‍රිකට් කණ්ඩායම්වලට ඉදිරියේදී සැපයීමට බලාපොරොත්තු වන බවත් සිම්බාබ්වේ පැවති ලෝක කුසලාන තේරීම් තරඟවලදී බටහිර ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය යන රටවල ක්‍රීඩකයින් මෙම පිති භාවිතා කළ බවත් කබීර් පවසයි.
කාශ්මීර විලෝ පිතිවලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඔවුන් සමඟ සේවය කරන සෘජු හා වක්‍ර සේවකයින් සංඛ්‍යාව 200 000ක් පමණ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. “2022 පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ජුනයිඩ් සිධිකි ලංකාවට හා ඕස්ටේ්‍රලියාවට එරෙහිව දිගම හයේ පහර (මීටර් 109) එල්ල කළේ අපේ පිත්තකිනි…” ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.