ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු පොලිස් නිලධාරියා වන ඩෙරෙක් චෞවින්ට වසර 22 ක සහ මාස හයක සිර දඬුවමක් නියම වූ බව අමෙරිකාවේ අධිකරණයක් තීන්දු කර තිබේ.
මිනීමැරීමේ චෝදනා යටතේ ඩෙරෙක් අප්‍රේල් 20 වන දින වරදකරු කරනු ලැබීය. වරදකරු වූ දා සිට සිරගතව සිටින හිටපු පොලිස් නිලධාරියාට ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් වෙනම සිවිල් අයිතිවාසිකම් උල්ලංගනය යටතේ චෝදනා ද එල්ල වී තිබේ.
ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා 2020 මැයි මාසයේදී සුදු ජාතික චෞවින් විනාඩි නවයකට වඩා වැඩි කාලයක් ගෙල මත දණ ගසාගෙන සිටීමෙන් හුස්ම සිරවී මිය ගියේය.
විත්තිකරුගේ හැසිරීම වින්දිතයාට, වින්දිතයාගේ පවුලට සහ ප්‍රජාවට ඇති කරන බලපෑම හේතුවෙන් දඬුවම් කාලය වඩාත් බරපතළ වීමට ඉඩ තිබූ හේතුන් අතර විය.
ෆ්ලොයිඩ්ගේ මරණය, නරඹන්නෙකු විසින් ජංගම දුරකථනයේ වීඩියෝ පටයකට හසු කර ගැනීම මගින් එක්සත් ජනපදය තුළ ඇති වර්ගවාදයට සහ පොලිස් එදිරිවාදිකම්වලට එරෙහිව ගෝලීය විරෝධතා රැල්ලක් ඇතිකිරීමට හේතුපාදක විය.