බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර ටියුෂන් ගුරාට ඇප!

by editor
ජූලි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 සුමිත් පොතුපිටිය –

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී මාස දෙකයි දින 10 ක්  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි කුප්‍රකට ටියුෂන් ගුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින  ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමාලී හාල්පාන්දෙනිය  අද   (21)  නියෝග කළාය.

කළුතර උතුර,  සුභසාධක  මාවතේ  පදිංචි  විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි ටියුෂන් ගුරා   මෙසේ ඇපමත මුදාහරින ලදී.

ඇප කොන්දේසි වලට අමතරව සැකකරුට විදෙස් ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ කොට්ඨාශය කළුතර දිසාව වෙත වාර්තා කරන ලෙසත් සාක්කි කරුවන්ට බලපැම් නොකරන ලෙසත් වැඩිදුරටත් නියෝග කළාය.

සැකකරු භාවිතා කල ජංගම දුරකථනය මේ වනවිට පරීක්ෂණ සිදුකරන  අපරාධ කොට්ඨාසය කළුතර දිසාව වෙත භාරදී ඇති බවත් , මාස දෙකකට වැඩිකලක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයා  ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ සංජීව ගුණරත්න  අධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී අද  දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබූණි

සැකකරු භාවිතාකල ජංගම  දුරකථනයක් භාරදෙනු ලැබූවද තවත් ජංගම දුරකථන දෙකක් භාවිතා කරන බවත්, සිම්පත විසන්ධි කර එම අංකයෙන්ම නව සිම්පතක්  ලබාගත් බව සඳහන් කලත් එය විසන්ධි කර නොමැති බවත්  දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව පෙනීයන බව පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති   අධිකරණයට කරුණු වාර්තා කළාය.

සැකකරුට ඇප ලබාදුන හොත් පරීක්ෂණ වලට බාධා එල්ලවන බැවින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටී නීතිඥ තාරකා කවිරත්න සහ තරිඳු කවිරත්න සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වූහ.

විත්තිය වෙනුවෙන් නීතිඥ සංජීව ගුණරත්න සහ මනෝජ් ආබෲ ද, පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්නද අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

නඩුව ලබන සැප්තැම්බර් 22  දා යලි කැඳවීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියට එරෙහි විශ්වාස භංගය  කථානායකට භාර දෙයි…

Next Post

තායිලන්තයේ මෙන් අලි රෝහලක් ලංකාවට ලබාදෙන්න අවධානය යොමුකරනවා – තායිලන්ත තානාපති!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.