“කරූට එන්න බෑ..”

"ආවොත් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය වෙනවා" - රනිල් කියයි

හිටපු කතා නායක, එ.ජා.ප නියොජ්‍ය නායක කරු ජයසූරිය එ.ජා.ප නායකත්වයට ඉල්ලුම් කර තිබුණත් එ.ජා.ප පක්ෂ ව්‍යවස්ථාවෙන් මතුවන නෛතික ගැටලුවක් නිසා එය ඊයේ ( 25) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ප්‍රතික්ෂේප විය.

එ.ජා.ප නායකත්වයට යම් අයෙක් ඉල්ලුම් කරනවා නම් ඔහු පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, විධායක සභාව, යන ක්ෂේත්‍ර නියෝජනය කර තිබිය යුතු බවට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දී තිබේ.

කෘත්‍යාධකාරී මණ්ඩල රැස්වීම ඊයේ ( 25) සවස 3.15ට පමණ ආරම්භ වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහ කීවේ හිටපු කතා නායක කරු ජයසූරිය එ.ජා.ප නාකයකත්වයට පත් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවය. නමුත් මෙහි දී ඔහුව නායකත්වයට පත් කළහොත් ව්‍යාවස්ථාමය ගැටලු ගණනාවක් නිර්මාණය වන බව රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක තැන ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එ.ජා.ප නායකත්වයට කරු ජයසූරිය පත් කළ යුතු බවට යෝජනා ගණනාවක් එහි දී මතුවුණේය. රවී කරුණානායක නැගී සිට පැවසුවේ කරූ ජයසූරිය හොඳ බෞද්ධ නායකයෙක් බවත්, හොඳ සිංහල බෞද්ධ ජන පදනමක් ඔහුගේ නායකත්වය තුළ ගොඩනගා ගත හැකි බවත්ය. එබැවින් ඔහුව පත් කරගැනීමෙන් එ.ජා.ප. ය තුළ යහපත් ප්‍රතිසංවිධානයක් ඇති කර ගත හැකි අයුරු රවී කරුණානායක පෙන්වා දුන්නේය.

Exit mobile version