කරාපියේ දී මිය ගිය යුක්රේන් ජාතිකයෙකයාගේ මරණයට හේතුව නියන් පහරක් ද?

මරණයට හේතුව සෙවීම පසුවට තබා දේහය නිදහස් කරයි..

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ   රෝහලේ දි මියගිය යුක්රේන් ජාතිකයගේ මළ  සිරුරේ කොටස්  පටකවේද හා ක්ෂුදුජිව පරික්ෂණයක් සදහා යොමුකොට  මරණයට හේතුව පසුවට තබා දේහය නිදහස් කිරිමට  කටයුතු කළ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි   රෝහාන් රුවන්පුර මහතා පැවසිය.

මියගිය යුක්රේන් ජාතිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි සමාධි දන්දෙණිය ආරච්චි විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබුවාය.

මියගොස් ඇති යුක්රේන් ජාතිකයා 30 හැවිරිදි වියේ පසුවු අයෙකි. ඔහු ඉන්දියාවේ සිට ටැන්සානියාව බලා යාත්‍රාකරමින් තිබු නෞකාවක සේවය කොට ඇත.  ගාලු වරායට ආසන්නයෙන් මෙකි නෞකාව යාත්‍රාකරමින් තිබියදි නෞකාවේ කපිතාන් වරයා විසින් නෞකාව තුළදි   මොහුගේ උදරයට නියනකින් ඇනිමෙන් වු තුවාල හේතුවෙන්  දෙසැම්බර් මස 26 වැනිදින මොහු  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.  


නෞකාවේ කපිතාන් වරයා විසින්  නියනකින් තමන්ගේ උදරයට පහරවල් තුනක් අනිනු ලැබු බව සායනික පරික්ෂණය පැවැත්වු  කරාපිටිය රෝහලේ   සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ.පි එස් පිරිස්  වෙත මරණකරු ප්‍රකාශකොට ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර   පවසයි.

මෙම යුක්රේන් ජාතිකයා රෝහලින් ප්‍රථිකර ලබාගෙන සුවය ලබා ගාල්ල වරයායේ ඇති  ඇවන්ගාඩ් නෞකාව වෙත ගොස් ඇත. එහි සිටියදි  හුස්ම ගැනිමේ අපහසුතාවයක් නිසා ඔහු  මෙම  මස 01 වැනිදින කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 02 වැනිදන ඔහු මියගොස් ඇත.  තුවාල වලින් වු සංකුලතා හේතුවෙන් මරණය වි ඇද්ද  යන්න පිළිබඳ දැන ගැනීම සදහා   යුක්රේන් ජාතිකයාගේ සිරුරේ කොටස් පටකවේද හා ක්ෂුද්‍රජීව පරික්ෂණයකට යොමුකළ බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  වැඩිදුරටත් සදහන් කළේය.

 

Exit mobile version