ලලිත් චාමින්ද –
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.
ඊයේ (24) දිනය තුල 56 පිළිකා වාට්ටුව තුළ නිරෝධායනය වෙමින් සිටි රෝගින් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි.
ඊයේ (24) දිනය තුළ කොවිඩ් ආසාදිත පිරිමි රෝගින් 04ක් හම්බන්තොට රෝහල වෙත හා කාන්තාවන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ 12 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කීවේය.