ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ වර්ග 160ක් හදිසි මිලදී ගැනීමට කටයුතු තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.
මෙම ඖෂධ වර්ග 160 මාසයකට වඩා සහ මාස දෙකකට වඩා අඩු කාල සීමාවක් දක්වා පමණක් තොග තිබෙන බව වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දීමත් සමඟ අදාල සැපයුම්කරුවන්ට එම ඖෂධ මාසයක් දෙකක් අතුළත සැපයීමට නොහැකි බව දැනුම් දීම හේතුවෙන් හදිසි මිලදී ගැනීමට තීරණය කළ බව වෛද්‍ය රත්නායක පැවසුවේය.
මෙම ඖෂධ මාස දෙකක් ඇතුළත මිලදී නොගතහොත් රෝහල්වල ඖෂධ හිඟයක් නිර්මාණය වන බවත් මේ හේතුවෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ලේකම්වරයා කීය.
ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ හිඟව පවතිනා බවට කළ දැනුම් දීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුව මගින් මෙම ඖෂධ මිලදී ගැනීමට කටයුතු කරමින් පවතින බව වෛද්‍ය රත්නායක කියා සිටියි.
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදංචි වී සිටින සැපයුම්කරුවන් කලට වේලාවට ඖෂධ ලබා නොදීම හේතුවෙන් මෙසේ හදිසි මිලදී ගැනීම්වලට යාම හැර වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙමෙ පෙන්වාදේ.
මෙසේ හදිිසි මිලදී ගන්නා ඖෂධ අතර පිළිකා ඖෂධ, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ ඇතුලු ඖෂධ වර්ග ගණනාවක් ඇතුළත්ව ඇතැයි ලේකම්වරයා පෙන්වා දෙයි.