බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කමලා හැරිස් ඇමෙරිකානු දැරියන්ට ලොකු හීනයක් දෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2020 - Updated on ජූනි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

“මම මෙම කාර්යාලයේ පළමු කාන්තාව විය හැකි නමුත්, මම අන්තිමයා නොවෙමි. මක්නිසාද යත්, අද රාත්‍රියේ මෙය බලා සිටින සෑම කුඩා දැරියක්ම අමෙරිකාව ඕනැම දෙයක් විය හැකි දේවලින් පිරුණු රටක් බව දකිනු ඇති බැවිනි”

“මට මේ මොහොතෙදි සිහිවන්නේ ඇමරිකාව තුළ මෙවැනි මොහොතක් උදාවිය හැකි බවට ඉතා ගැඹුරින් විශ්වාස කළ මගේ මව, ශ්‍යාමලී ගෝපාලන් හැරිස් සහ මට පෙර පැමිණි කළු ජාතික කාන්තාවන්ගේ පරම්පරාවන් ගැනයි.”

මෙසේ අදහස් දැක්වූයේ ඇමරිකාවේ උප ජනාධිපති පදවියට පත්වන පළමු දකුණු ආසියානු- ඇමරිකානුවා සහ කළු කාන්තාව වන කමලා දේවී හැරිස් අභිනවයෙන් තේරී පත්වූ ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසු පළමුවරට ජනතාව අමතමිනි.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇය පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරිපත් වූයේ ඉන් අනතුරුවය.

සෙනෙට් සභික කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය.

55 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය මවකට හා ජැමෙයිකානු පියෙකුට දාව උපන් කාන්තාවකි. ඇගේ මව ඉන්දියාවේ චෙන්නායි සිට එක්සත් ජනපදයට පැමිණියේ 1958 දී ය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමගය. ඇය පිළිකා රෝගය පිළිබඳ පර්යේෂිකාවක්, පියයුරු පිළිකා විශේෂඥවරියක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි.

කමලා ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඩොනල්ඩ් ජැස්පර් හැරිස්ගේ දියණියයි. ඇගේ පියා අප්‍රිකානු-ජැමෙයිකානු සම්භවයක් ඇති ජැමෙයිකානු ජාතිකයෙක් වන අතර උපත ලැබුවේ කිංස්ටන්හි ශාන්ත ආනා බේහි ය. ඔහු 1961 දී එක්සත් ජනපදයට පැමිණියේය.

1929 සිට 1933 දක්වා සේවය කළ උප ජනාධිපති චාල්ස් කර්ටිස්ට පසුව ප්‍රධාන පක්ෂයක් විසින් එක්සත් ජනපද ජනාධිපති හෝ උප ජනාධිපති ලෙස තේරී පත් වූ, සුදු ජාතික නොවන සම්භවයක් ඇති තුන්වන පුද්ගලයා කමලා ය. 2009 සිට 2017 දක්වා සේවය කළ ජනාධිපති බරක් ඔබාමා සහ ඔහුගේ පියා ලුඕ කෙන්යානු ජාතිකයෙකි.

කමලා විවාහ වී සිටින්නේ විනෝදාස්වාද නීති කටයුතු පිළිබඳ නීතිඥ ඩග්ලස් එම්හෝෆ් සමඟ ය. ඩග්ලස් යුදෙව්වෙකි.

කමලාගේ සහෝදරිය මායා හැරිස්, නීතිඥවරියක් සහ රාජ්‍ය ප්‍රතිපත්ති උපදේශකවරියකි. මායා විවාහ වී ඇත්තේ එක්සත් ජනපද සහකාර නීතිපති ලෙස සේවය කළ ටෝනි වෙස්ට් සමඟ ය. මායාගේ දියණිය නීතිඥවරියක වේ.

එක්සත් ජනපද ජනාධිපති ධුරයට පක්ෂයකින් නම් කෙරුණු ඉන්දියානු පරම්පරාවේ දෙවන පුද්ගලයා කමලා ය. බොබී ජින්ඩාල් පළමුවැන්නා විය (ඔහු 2016 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ලබා ගත්තේය).

මසල වඩේ සහ ඉඩ්ලි සාම්බාරු කෑමට බෙහෙවින් ප්‍රිය කමලා යනු තවමත් හින්දු සංස්කෘතිය පිළිබඳ ආඩම්බරයෙන් කතා කරන කාන්තාවකි. ඇය අවම වශයෙන් අර්ධ වශයෙන් හෝ හින්දු ඇදහිල්ලෙන් හැදී වැඩුණු අමෙරිකානු දේශපාලකයන් තිදෙනෙකුගෙන් කෙනෙකි. රිපබ්ලිකන් පක්ෂයේ 2016 නාමයෝජනා ඉල්ලා සිටි බොබී ජින්ඩාල් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ 2020 නාමයෝජනා ලබා ගැනීමට උත්සාහ කළ තුල්සි ගැබාර්ඩ් අනෙක් අය ය. තිදෙනාගෙන් හින්දු භක්තිකයෙකු වන්නේ තුල්සි පමණි.

ප්‍රධාන ඇමරිකානු දේශපාලන පක්ෂයක් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට නම් කිරීම සඳහා කැපී පෙනෙන ව්‍යාපාරයක් දියත් කළ ආසියානු-ඇමරිකානුවන් කිහිප දෙනා අතර කමලා ද සිටී.

අනෙක් අය නම්:
* හිරාම් ෆොන්ග් (1964 සහ 1968 රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා ඉල්ලා සිටි ෆොන්ග් චීන සම්භවයක් ඇති අයෙකි)
* පැට්සි මින්ක් (1972 ප්‍රජාතන්ත්‍රවාදී නාමයෝජනා ඉල්ලා සිටි මින්ක් ජපන් සම්භවයක් ඇති අයෙකි)
* බොබී ජින්ඩාල් (2016 රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටි ජින්ඩාල් ඉන්දියානු සම්භවයක් ඇති අයෙකි)
* ඇන්ඩෲ යැං (2020 ඩිමොක්‍රටික් නාමයෝජනා ඉල්ලා සිටි යැංගේ දෙමාපියන් තායිවාන ජාතිකයන් ය)

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසමට පත්වූ පළමු අධ්‍යක්ෂවරියට යාපනේට මාරුවක්

Next Post

“කාර්යාලවල වැඩබිම්වල දිරාපත් වන වාහන-යන්ත්‍ර අළුත්වැඩියා කර භාවිතයට ගන්න”

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.