කපුටෙක් මරා තට්ටක් එල්ලන්නට රටට ගිනි තැබූ ජොනීට වෙච්චි දේ… විරෝධතාකරුවෝ නිවාසය කාර්යාලය ගිනි තබා අලු කරයි…

ලංකාවේ සිවු දිගින්  පොහොට්ටුවේ ප්‍රාදේශීය නියෝජිතයින් රැස් කරවා ඔවුන්ව ආවේග ගන්වා ගෝඨාගෝගමට සහ අරලියගහමන්දිරයේ  සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දීමට සැලැස් වූ ප්‍රධානම පුද්ගලයා වූ ජොන්සටන් ප්‍රනාන්දුගේ නිවස මේ වනවිට ගිනි තබා විනාශ කර තිබේ.

ඔහුගේ රත්කරව්වේ පිහිටි එම නිවස මෙන්ම විලේගොඩ පිහිටි කාර්යාලය, කැබ් රථයක්, බස් රථයක්, කාර්යාලයේ නවත්වා තිබූ යතුරු පැදි ගණනාවක් ඇතුළු විශාල වත්කම් ප්‍රමාණක් ගිනි තබා විනාශ කර තිබේ.

විලේගොඩ කාර්යාලය ගිනි ගන්නා ආකාරය…

කපුටෙක් මරා තට්ටක් එල්ලා විරෝධතාවය  වැලැක්වීමට යෝජනා කළ ආණ්ඩුවේ ඇමතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දුය.


මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් එළියට බැසගත නොහැකිව අරලියගහමන්දිරයේ කොටු වී ඇතැයි වාර්තා වේ.

අද උදේ ජොන්ස්ටන් ගිනි අවුලවපු හැටි..

ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

 

මෙම සිදුවීම පිළිබඳ පූර්ව දැනුම් දීම ලංකාසර සිදුකළ ආකරය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කුඩා පොහොට්ටුවන්“ යොදාගෙන අද අරගල භූමියට ප්‍රහාරයක්?.

 

 

 

Exit mobile version