සුමිත් පොතුපිටිය –
කළුතර පලාතොට සහ මීගහතැන්න පැලවත්ත ප්‍රදේශ වලදී ඉකුත් 16 දා රාත්‍රි ගෙලට මන්න වලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සැඟව සිටී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
කළුතර මනුෂ්‍ය ඝාතනයට සම්බන්ද ප්‍රධාන සැකකරු සහ මීගහතැන්න මනුෂ්‍ය ඝාතනයට සම්බන්ද සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
කළුතර , පලාතොට ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන (43) සහ පැලවත්ත, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී පී.කේ.සමන් (38) අවිවාහකයන් දෙදෙනෙකු එදින රාත්‍රි ස්ථාන දෙකකදී ගෙලට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූණි.
මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 25, 36 සහ 40 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු සහ කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් කළුතර සහ මතුගම මහේස්ත්‍රාත් අධ්කරණය වලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ,සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මීගහතැන්න ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාරගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර ඇත.







