කප්පම් නොගෙවූ නිසා විනාශයක් කළ යාපනේ මැරයන් 06ක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ නිවසක නවතා තිබූ මෝටර් රථයක් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙක් මුලතිව් පොලීසිය විසින් ඊයේ ( 7) දා අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 දා සිදුකළ මෙම ගිනිතැබීම පිළිබඳව පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ විදේශ රැකියා ඒජන්සියක අයිතිකරුවකුවන ව්‍යාපාරිකයා මෙම මැරයන්ට කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මත මෙම මෝටර් රථයට ගිනි තබා ඇති බවයි.

මුලතිව් පොලීසිය විසින් අදාල නිවසේ සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසුව යාපනයේ නාවාලී ප්‍රදේශයෙන් හා පුදූර් ප්‍රදේශයෙන් සැකකරුවන් තුන් දෙනා බැගින් අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම ප්‍රහාරය සදහා සැකකරුවන් පැමිණි යතුරු පැදි දෙකක්ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් හය දෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් පොලීසිය පියවර ගෙන තිබේ.

 

Exit mobile version