කන්දකාඩු රැඳවියන් දුර්වලයි… දෙවැනි කොවිඩ් පොකුරේ ප්‍රතිඵල භයානකයි…

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ රැඳවියන් සහිත කන්දකාඩු කොවිඩ් පොකුර ගැන ජීඑම්ඕඒ අනතුරු හඟවයි

ශ්‍රියානි විජේසිංහ –                                      

කොවිඩ්  දෙවන පොකුරේ අවදානම අතිශය ඉහළ තැනක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.

පළමු කොරෝනා පොකුර වැලිසර නාවික හමුදා කදවුරෙන් හමුවුවද එම තරුණයන් නිරෝගී සවිශක්තිමත් භාවයෙන් යුක්ත වූ බැවින් වෛරසය සාර්ථකව මුහුණ දීමට හැකි වූ නිසා බරපතල තත්ත්වයන් ඇති නොවූ නමුත් කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුර තුළ සිටිනුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පිරිසක්  හෙයින් ඔවුන්ට මෙම වෛරසය බරපතල තත්ත්වයන් ඇති කළ හැකියැයි රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  අවධාරණාත්මකව පෙන්වා දුන්නේය.

දෙවන වර සමාජයෙන් හමු වූ පළමු කොරෝනා රෝගියාව මාරවිල ප්‍රදේශයෙන් හමුවීමත් ඇය පොදු ප්‍රවාහන සේවය භාවිත කර ඇති බැවින් වෛරසය සමාජය වෙත පැතිරීයාමේ බරපතල අවදානමක් පවතින බවත් තවදුරටත් ඔහු පැවසීය. මේ තත්වය බරපතල ලෙස ගෙන කටයුතු කළ යුතු බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේෙ වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරෝනා පොකුරක් ඇතිවූයේ කෙසේද යන්න පිලිබඳව සොයා බලන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයා පවා උපදෙස් දුන්නද ඒ පිලිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කල බවකීවද එහි වාර්තාවක් හෝ මෙතෙක් නිකුත් කර නොමැති බව  පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදා පොකුර ඇතිවූයේ කෙසේද යන්න පිලිබඳව සොයා ගෙන තිබුනේ නම් අද වන විට දෙවන පොකුරක් ඇති වීමේ අවස්ථාව මගහරවා ගැනීමට ඉඩකඩ තිබුණ බව ලේකම්වරයා පුනරුත්ථාපන කඳවුර වෙතට වෛරසය ඇතුළු වූයේ කෙසේද යන්න පිලිබඳව වහාම සොයා බලන ලෙසත් ඒ අනුව ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්ත්වන් අවම කරගත හැකි වනු ඇති බවත් සංගමය සඳහන් කළේය.

 

 

Exit mobile version