කන්දකාඩු කොවිඩ් සම්බන්ධයක් නිසා රාජාංගනය මෙහෙයුමක්

කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ යුධ හමුදා සාජන් මේජර්වරයකු තම රාජාංගනය නිවසට පැමිණීමෙන් පසු කොවිඩ්-19 ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති ඔහුගේ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙයින් එක් දරුවෙකු පසුගිය දිනවල පාසලටද ගොස් ඇති අතර ඔහු සමඟ සම්බන්ධ වූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලුම දෙනා PCR පරීක්ෂණයට ලක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට රාජාංගනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම යුධ හමුදා සාමාජිකයා සහ ඔහුගේ දරුවන් IDH රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි ලංකාසරට වාර්තා වේ.


ඔහු නිවාඩු පැමිණ ඇත්තේ දානමය පින්කමකට සහභාගිවීම සඳහායි.

නිවසේ දී ඔහුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේ.

එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ තත්ත්වය පිළිබඳ වාර්තා වීමත් සමග ඔහු PCR පරීක්ෂාවක් සිදුකර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව පාසලේ දානමය පිංකමට සහභාගි වූ අය සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෙන්ම ඔහුගේ ආශ්‍රිතයෙන් සියලු දෙනා PCR පරීක්ෂාවට සහ නිරෝධනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ.

Exit mobile version