කන්දකාඩුව නිසා සමාජයෙන් රෝගීන් 25ක් හමුවෙලා

පසුගියදා නිර්මාණය වූ කන්දකාඩු කොවිඩ් 19 ආසාදිත පොකුර හේතුවෙන් ආසාදනය වූ 25 දෙනකු බාහිරසමාජයෙන් මේ වනවිට හමුව ඇති බවත් මෙම පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති සම්පූර්ණරෝගීන් ගණන 532ක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද පැවසීය.

මාධ්‍යයටඅදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ යළි සමස්ත රටම ලොක්ඩවුන් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොපවතින බවය.

මෙම ආසාදිතයන් සමඟ සබඳතා පැවැත්වූජාලය මේ වනවිට හදුනාගනු ලැබ ඇති බවත් ඔවුන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට සහ නිරෝධායනටයොමු කිරීමට කටයුතු කොට ඇති බවත් වෛද්‍ය ජාසිංහ තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කොරෝනාපොකුරත් සමඟ මේ වනවිට අවදානම් බව අනුව රාජංගණය පුදේශයේ ස්ථාන කිහිපයක් ලොක් ඩවුන්කර ඇති අතර ඔවුන් තම නිවාසවලම සිට ස්වයං නිරොධායනයට ලක් කොට ඇත. යම් අවදානමක්පැනනගුණහොත් ඉදිරියේදී තවදුරටත් අදාල පියවර ගැනීමට සූදානම් බවද හෙතෙම පවසාසිටියේ ය.

Exit mobile version